‘රටම එකට’ ජාතික මෙහෙයුම : මේ දක්වා සැකකරුවන් 288,841 දෙනෙකු අත්අඩංගුවට
දිවයින පුරා ක්‍රියාත්මක ‘රටම එකට’ ජාතික මෙහෙයුම මගින් මේ දක්වා සැකකරුවන් 288,841 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය දෙක හමාරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදී ඉන් පිටව ගොස් තිබේ.
ඔහු අද පෙරවරු 09.00ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණේ ප්‍රකාශයක් ලබාදීම සඳහා තමාව කැඳවා ඇති බව පවසමින්ය.
"සාමාන්‍යයෙන් අපේ රටේ දේශපාලන සංස්කෘතිය තමා ආණ්ඩු මාරු වෙනකොට අනෙක් ආණ්ඩුවේ හිටිය අයව ගෙන්නලා ප්‍රශ්න කරනවා. එන්න කිව්වහම අපි එනවා. රටේ ජනතාවට අවබෝධයෙන් බොරු කියලා, අපි කෙරෙහි වැරදි චිත්‍රයක් මවලා තියෙනවා. අපි ඇවිල්ලා සහයෝගය ලබාදෙනවා. අද නම් එන්න කියලා තියෙන්නේ, 2010 - 2015 කාලයේ දී මගේ කාර්යාලයට ඇවිල්ලා මහත්තයෙක් සල්ලි දීලා ගිහින්. නිර්ණාමික පැමිණිල්ලක්. ඒ පැමිණිල්ලට අනුව මුදල් ගෙනල්ලා මගේ කාර්යාලයේ තියලා ගිහින්. ඒ ගැන මගෙන් අහනවා.
ඔය වගේ පැමිණිලි දාස් ගණනක පහුගිය යහපාලන ආණ්ඩුව කාලයේ දී ඇවිත් උත්තර දුන්නා. රිමාන්ඩ් වුණා. අධිකරණයේ නඩු පවරලා තිබුණා. නිදොස් කොට නිදහස් වුණා. ඒ නිසා පැහැදිලිවම ඇවිල්ලා මේවට සහයෝගය ලබාදෙනවා. අපි ආණ්ඩුවෙනුත් ඉල්ලන්නේ මේ විදියටම උගණ්ඩාව හා ෂීෂෙල් සම්බන්ධයෙන් අපිව ගෙන්නලා අවබෝධයෙන් බොරු කිව්ව අයගෙත් කටඋත්තර ලියාගෙන ලෝකයේ මේවා තියෙන තැන් දන්නවා කියන අය, චෙක් දැක්කා කියන අයවත් ගෙනල්ලා සාක්ෂි සඳහන් කරලා පරීක්ෂණ කරන්න. ඒ වගේම මම ගෞරවයෙන් ඉල්ලනවා අපිව පාවිච්චි කරලා, දේශපාලන දඩයම පටන් ගෙන ඔන්න අපි රාජපක්ෂලා හිරේ දාන්න ලෑස්ති කරලා තියෙන්නේ, ඔන්න අධිකරණයට ගෙනාවා, ඔන්න ප්‍රශ්න කරා, ඔන්න කටඋත්තර දුන්නා පැය 10ක් ප්‍රශ්න කරා කියලා ජනතා ප්‍රශ්න යට ගහන්න එපා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයින පුරා ක්‍රියාත්මක ‘රටම එකට’ ජාතික මෙහෙයුම මගින් මේ දක්වා සැකකරුවන් 288,841 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.
කොළඹ වරායේ CICT පර්යන්තයේ තිබූ බව කියන මත්ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව කටයුතු කිරීමේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරි පැහැර හැරීම් හෝ නොසැලකිලිමත් ක්‍රියා සිදුවී ඇත්ද යන්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් විමර්ශනයක් ආරම්භ කිරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබේ.