වෙනිසියුලානු නොබෙල් සාම ත්‍යාගලාභිනිය තම පදක්කම ට්‍රම්ප්ට පිරිනමයි
තම නොබෙල් සාම ත්‍යාග පදක්කම ධවල මන්දිරයේ තිබූ රැස්වීමකදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනැමූ බව වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ පවසන්නී ය.
රුසියාව සහ යුක්රේනය අතර සටන්විරාමයක් ඇතිකරගැනීම අරමුණ කරගනිමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර පැවැත් වූ තීරණාත්මක සාකච්ඡාව ස්ථිර එකඟතාවයකින් තොරව අවසන්ව තිබේ.
ඇලස්කාවේ වඩාත්ම ජනාකීර්ණ නගරය වන ඇන්කරේජ් හි එල්මෙක්ඩෝෆ්-රිචඩ්සන් හමුදා කඳවුරේ දී පැවති මෙම සාකච්ඡාවේ දී ජනපතිවරුන් දෙදෙනා පැය 3කට ආසන්න කාලයක් සාකච්ඡාවේ නිරත විය.
දෙරටේ ජනාධිපතිවරු ඵලදායී එකඟතාවන්ට එළැඹුණු බව පැවසුවත් සාකච්ඡාවෙන් අනතුරුව ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් නොකළ අතර, කිසිදු ගිවිසුමක් හෝ සටන් විරාමයක් ප්‍රකාශ නොකර පිටව ගියහ.
ජනාධිපතිවරු අතර සාකච්ඡා සඳහා කිසිදු පරිවතකයෙකු එක් නොවූ බවද වාර්තා වේ.
එම සාකච්ඡාව ඉංග්‍රීසි බසින් පැවැත්වී ඇති වුවත්, පුටින් ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී රුසියානු බසින් කථා කිරීම විශේෂත්වයක් විය.
2022 වසරේ පෙබරවාරි මාසයේ දී යුක්රේන යුද්ධය ආරම්භ වීමෙන් පසුව රුසියානු ජනාධිපතිවරයා බටහිර රටක සංචාරය කරන පළමු අවස්ථාව මෙය වන අතර අමෙරිකානු සහ රුසියානු ජනාධිපතිවරුන් වසර 6කට පසු මුහුණට මුහුණ හමු වූ පළමු අවස්ථාවද මෙය වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
තම නොබෙල් සාම ත්‍යාග පදක්කම ධවල මන්දිරයේ තිබූ රැස්වීමකදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනැමූ බව වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ පවසන්නී ය.
රුසියාව සහ චීනය ග්‍රීන්ලන්තය තුළ බලය තහවුරු කරගැනීමට පෙර, අමෙරිකාව විසින් එහි බලය තහවුරු කරගත යුතු බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු හමුදා භාරයට ගෙන එරටින් පිටුවහල්කර ඇති බව ජනපති ට්‍රම්ප් සිය 'Truth Social' ගිණුමේ සටහනක් තබමින් නිවේදනය කර තිබේ.