රුසියාව සහ චීනය ග්‍රීන්ලන්තය තුළ බලය තහවුරු කරගැනීමට පෙර, අමෙරිකාව විසින් එහි බලය තහවුරු කරගත යුතු බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

"රටවලට හිමිකාරිත්වයක් තිබිය යුතුයි. ඔබ හිමිකාරිත්වය ආරක්ෂා කළ යුතුයි, සහ ඒ අනුව අපට ග්‍රීන්ලන්තය ආරක්ෂා කිරීමට සිදුවනු ඇත."

ඔවුන් එය "පහසු මාර්ගයෙන්" හෝ "දුෂ්කර මාර්ගයෙන්" කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, රටවල් ආරක්ෂා වන්නේ ගිවිසුම් මගින් නොව අයිතිවාසිකම් මගින් බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් ඩෙන්මාර්ක සහ ග්‍රීන්ලන්ත වැසියන් පවසන්නේ, ග්‍රීන්ලන්තය යනු විකිනීමට ඇති භූමියක් නොවන බවයි.
 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.