වෙනිසියුලානු නොබෙල් සාම ත්‍යාගලාභිනිය තම පදක්කම ට්‍රම්ප්ට පිරිනමයි
තම නොබෙල් සාම ත්‍යාග පදක්කම ධවල මන්දිරයේ තිබූ රැස්වීමකදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනැමූ බව වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ පවසන්නී ය.
සිරියාවේ ඩැමැස්කස් හි පල්ලියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 22 දෙනෙකු මිය ගොස් තවත් 63 දෙනෙකු තුවාල ලබා ඇති බව සිරියාවේ සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ.
ඉරිදා සවස දේව මෙහෙයක් අතරතුර Dweila හි පිහිටි ග්‍රීක ඕතඩොක්ස් පල්ලියකට ඇතුළු වූ පුද්ගලයෙක් වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු පුපුරණ ද්‍රව්‍ය අඩංගු කබායක් පුපුරවා ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.
ප්‍රහාරකයා IS සටන්කාමීන් සම්බන්ධතා ඇති අයෙකු බවට පැවසෙන නමුත් ප්‍රහාරයේ වගකීම ඔවුන් මෙතෙක් බාරගෙන නොමැත.
දැඩි ලෙස හානි වූ පූජාසනයක්, කැඩුණු වීදුරුවලින් ආවරණය වූ ආසන සහ බිත්ති පුරා ලේ විසිරී තිබූ ආකාරය පල්ලිය ඇතුළත ඡායාරූප සහ වීඩියෝවල දක්නට ලැබුණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
තම නොබෙල් සාම ත්‍යාග පදක්කම ධවල මන්දිරයේ තිබූ රැස්වීමකදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනැමූ බව වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ පවසන්නී ය.
රුසියාව සහ චීනය ග්‍රීන්ලන්තය තුළ බලය තහවුරු කරගැනීමට පෙර, අමෙරිකාව විසින් එහි බලය තහවුරු කරගත යුතු බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු හමුදා භාරයට ගෙන එරටින් පිටුවහල්කර ඇති බව ජනපති ට්‍රම්ප් සිය 'Truth Social' ගිණුමේ සටහනක් තබමින් නිවේදනය කර තිබේ.