පකිස්ථානයේ හමුදා මූලස්ථානයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් : තිදෙනෙක් මරුට
පකිස්ථානයේ පැරාමිලිටරි හමුදා මූලස්ථානයක් ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන ප්‍රහාරකයන් තිදෙනෙක් එල්ල කළ ප්‍රහාරයකින් තිදෙනෙකු මිය ගොස් අවම වශයෙන් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීන් පවසයි.
බීජිං හි අද (3) පැවති හමුවෙන් පසු රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට රුසියාවේ සංචාරයක් සඳහා ආරාධනා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ටාස් මාධ්‍ය ආයතනය උපුටා දක්වමින් BBC පුවත් සේවය වාර්තා කරන්නේ රුසියානු සහ උතුරු කොරියානු නායකයන්ගේ හමුව පැය 2කට වැඩි කාලයක් තිස්සේ පැවැත්වුණු බවයි.
රුසියානු පාර්ශවයට සහය දක්වමින් යුක්රේනයේ සටන් වැද සිටින සිටින උතුරු කොරියානු හමුදා භටයන් වෙනුවෙන් ජනපති පුටින් එහිදී උතුරු කොරියානු නායකයාට සිය ස්තුතිය පුද කර තිබේ.
ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධය සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය ජයගැනීමේ 80 වන සංවත්සරය සඳහා වන අනුස්මරණ උත්සවය අද(03) චීනයේ බීජිං අගනුවර ටියැන්ඇන්මෙන් චතුරශ්‍රයේදී පැවැත්වුණු අතර ඊට එක්වුණු දෙරටේ නායකයන් ගේ හමුව ද ඒ අතරවාරයේ දී පැවැත්වුණි.
උතුරු කොරියානු නායකයා ලෝක නායකයන් සහභාගී වන අන්තර්ජාතික මට්ටමේ හමුවකට එක් වූ පළමු අවස්ථාව මෙය වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පකිස්ථානයේ පැරාමිලිටරි හමුදා මූලස්ථානයක් ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන ප්‍රහාරකයන් තිදෙනෙක් එල්ල කළ ප්‍රහාරයකින් තිදෙනෙකු මිය ගොස් අවම වශයෙන් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීන් පවසයි.
පසුගිය වසරේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලට එරෙහිව දරුණු මර්දනයක් ගෙන යාම සම්බන්ධයෙන් බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂීක් හසීනාට එරට අධිකරණයක් විසින් මරණ දඬුවම නියම කර තිබේ.
මෙක්සිකෝ අගනුවර පැවති රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ අතරතුර ඇති වූ ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයන් 120 දෙනෙකු - ඔවුන්ගෙන් 100 දෙනෙකු පොලිස් නිලධාරීන් - තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.