පුවත්

වාස් ගුණවර්ධන ඇතුළු හයකට පැනවූ මරණ දඬුවම තහවුරු කෙරේ

වාස් ගුණවර්ධන ඇතුළු හයකට පැනවූ මරණ දඬුවම තහවුරු කෙරේ

2013 වසරේ බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වන මොහොමඩ් ෂියාම් නමැත්තා පැහැරගෙන ගොස් මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් පැනවූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (08) තහවුරු කරනු ලැබුවා.

වැලිකඩ සිද්ධියෙන් එමිල් රංජන් නිදොස් කොට නිදහස්

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම්වලින් සිරකරු ඝාතන චෝදනාවලට වරදකරු කෙරුණු හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා ට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ලබාදුන් මරණීය දණ්ඩනයෙන් නිදොස් කොට නිදහස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළේය.

Read More

මෙරට ප්‍රථම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකා සුමනා නෙල්ලම්පිටිය දිවියෙන් සමුගනියි

ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වී තිබේ.

Read More

ග්‍රාම නිලධාරිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමේ සූදානමක්

අත්තනෝමතික ලෙස ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ගැසට් කිරීමට විරෝධය පළ කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය පවසයි.

Read More

විජයදාස ගෙන් හිස් වූ අධිකරණ ඇමතිධුරය ජනපති යටතට

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතට පත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

Read More

2024 ජනාධිපතිවරණය : ඇප තැම්පත් කළ ගණන 22ක්

2024 සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් විසි දෙදෙනෙක් මේ දක්වා ඇප මුදල් තැම්පත් කර ඇතැයි මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

Read More

අරගලයේ තරුණයිනි, එන්න අපෙනුත් නාමයෝජනා ගන්න - තිස්සකුට්ටි

එළඹෙන මහමැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් නාම යෝජනා ලබා ගැනීම සදහා අරගලය නියෝජනය කරන තරුණ තරුණියන්ට ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස කුට්ටිආරච්චි පවසයි.

Read More

මං දේශපාලනය ඉගෙන ගත්තේ රනිල්ගෙන් - හර්ෂ

තමා දේශපාලනය ඉගෙන ගත්තේ රනිල් වික්‍රමසිංහගෙන් යැයිද ඔහු සමඟ කිසිම පෞද්ගලික අවුලක් නැති නමුත් ප්‍රතිපත්තිමය සහ දේශපාලන වශයෙන් ගැටළුවක් ඇති බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා අද (7) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

දයාසිරි - සජිත් ගිවිසුම් ගතවෙයි

2024 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ට සහය පළ කිරීමට අදාළ ගිවිසුමක් අද (07) අත්සන් කෙරිණි.

Read More