විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය
විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි.
අයහපත් කාලගුණ තත්වයක් ඇතිවුවහොත් ඉන් ඡන්ද විමසීමට බාධා ඇතිවීම වැළැක්වීම සහ ඊට කල්තියා සූදානම්වීම සඳහා ඉදිරි දිනවල රටේ කාලගුණ තත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ගත් බව මැතිවරණ කොමිසම පවසයි.
මෙයට අමතරව හෙට (20) සිට පැය තුනෙන් තුනට කාලගුණ වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බවද සභාපතිවරයා කීවේය.
මේ අතර අයහපත් කාලගුණයෙන් සහ ආපදාවලින් ඡන්ද විමසීමට බාධා ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස මැතිවරණ කොමිසන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට පසුගියදා උපදෙස් දුන්නේය.
හදිසි ගංවතුර තත්වයක් ඇති වුවහොත් මුහුණදීම සඳහා ඔරු සහ අගුල් සූදානම් කරන ලෙස මැතිවරණ කොම්ෂන් සභාව නාවික හමුදාවටද උපදෙස්දී ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි.
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
පිරමීඩාකාර යෝජනාක්‍රමයක් පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය කිරීම හා එම යෝජනාක්‍රමය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාව යටතේ සැකකරුවන් 7 දෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගනු ලැබීය.