පුවත්

බිඳවැටුණූ රාජ්‍ය Online සේවා යථාතත්ත්වයට

බිඳවැටුණූ රාජ්‍ය Online සේවා යථාතත්ත්වයට

බිඳවැටීමට ලක්ව තිබූ 'ලංකා ගවර්මන්ට් ක්ලව්ඩ්' සේවාවේ ගැටලුව මේ වන විට සම්පූර්ණයෙන් ම විසඳා ඇති බවත් අක්‍රීයව පැවති සියලුම රජයේ මාර්ගගත සේවා අද (21) දිනයේ සිට සාමාන්‍ය පරිදි ජනතාවට විවෘත බවත් තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) දැනුම් දෙයි.

අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් 500කට වැඩි පිරිසක් බැට කයි

පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදු වූ අනතුරුවලින් නිවාස 101කට අර්ධ හානි සිදුව පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

Read More

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් අද (19) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

පුද්ගලික දත්ත ආරක්ෂණ සංශෝධන පනත ඔක්. 21දා පාර්ලිමේන්තුවට

කාරක සභා අදියරේ සංශෝධන සහිතව, පුද්ගලික දත්ත ආරක්ෂණ සංශෝධන පනත මේ මස 21වනදා පාර්ලිමේන්තුවේ අනුමැතියට යොමුකිරීමට නියමිතව ඇත.

Read More

දිවයිනේ ඇතැම් ස්ථානවලට අදත් (16) මිලිමීටර් 100 ඉක්ම වූ වැසි

අද දිනයේ පස්වරු එකෙන් පසුව දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිස මෙරටට රැගෙන ඒමට STF නිලධාරීන් දෙදෙනෙක් නේපාලයට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් "ගණේමුල්ල සංජීව" ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු ශ්‍රී ලාංකිකයන් පස් දෙනා දිවයිනට රැගෙන සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දෙදෙනෙකු නේපාලය බලා පිටත්ව ගොස් තිබේ.

Read More

අදත් (15) මි.මී 100 ඉක්මවූ වැසි

අන්තර් නිවර්තන අභිසාරී කලාපය සහ දිවයින ආශ්‍රිතව පවතින වායුගෝලීය කැළඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බැවින් අද (15) සහ ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

රාජ්‍ය ආයතන කිහිපයක ඔන්ලයින් සේවා බිඳවැටෙයි - යථා තත්වයට ගන්න විශේෂ රැස්වීමක්

ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට බාධා වී තිබේ.

Read More

ඉෂාරා සෙව්වන්දි නේපාලයේ දී අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඉෂාරා සෙව්වන්දි ඇතුළු 5 දෙනෙකු නේපාලයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More