ආපදාවට ලක්වූ අනාරක්ෂිත දරුවන්ගේ තොරතුරු ප්‍රචාරණයෙන් වළකින්න
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
තමා ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ රට වෙනුවෙන් වන මූලික යුතුකම් ඉටු කිරීමෙන් අනතුරුව රට මුහුණ දී තිබූ බංකොලොත් බවින් මුදා ගැනීමේ පළමු පියවර තබා යැයි ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ජනපතිවරණ ගාල්ලේ අවසන් ජනරැලි අමතමින් අද (18) පැවසීය.
ශ්‍රී ලංකාව බංකොලොත් බවින් මුදා ගැනීමේ තුන්වෙනි කණ්ඩායම වන පුද්ගලික බැඳුම්කරුවන් සමග ගිවිසුම හෙට (19) අත්සන් කරන බව කී රනිල් වික්‍රමසිංහ ලංකාව බංකොලොත් බවින් මිදීම පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශ කිරීම සඳහා ඡන්දය අවසන් වී සති දෙකක් ඇතුළත මූල්‍ය අරමුදල ලංකාවට පැමිණෙන බවද සඳහන් කළේය.
"ජුනි මාසයේ ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වූ විට මම ජනාධිපතිකම බාරගත්තා.එදා ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබුණා. අප රට බංකොලොත් යැයි ප්‍රකාශ කළා.
අපට විදේශ විනිමය තිබුණේ නැහැ. ඒ යුගය ගැන අලුතෙන් කිව යුතු නැහැ.මෙතන සිටින අනෙක් අය මට වඩා හොඳින් ඒ ගැන කියාවි.පෝලිමේ හිටපු නැති ගෙයක් හොයන එක කිසා ගෝතමිය අබ මිටක් හෙව්වාට වඩා අමාරු වේවි.
බංකොලොත් බවින් මිදීමේ පළමු අදියර මම අවසන් කර තිබෙනවා.මම මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියා සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා කොට අපගේ ණය තිරසර බවකට පත් කර ලංකාව මධ්‍යම ආදායම් රටකට සුදුසු පියවරකට පැමිණියා.
එමෙන්ම අපට ණය දුන් රටවල් දාහතක් සමගත් චීනය සමගත් වැඩසටහනක් ඇරඹුවා. අදාල කණ්ඩායම් තුනෙන් දෙකක් සමඟ වැඩසටහන ඇරඹුවා.ණය බංකොලොත් බව නැති කරන්න තුන්වෙනි කණ්ඩායම වන පුද්ගලික බැඳුම්කරුවන් සමගත් ගිවිසුමකට එන්න තිබෙනවා. ඒ ගිවිසුමත් හෙට වන විට අවසන් කරන බව කිව යුතුයි.
මම මේ චන්දෙට එන්නේ මූලික යුතුකම් ඉටුකර මේ රටේ බංකොලොත් බව නිල වශයෙන් නැතිකර තිබෙන තත්ත්වයක් යටතේයි.
මම ආර්ථිකය ස්ථාවර කළත් එය තහවුරු කළ යුතුව තිබෙනවා. ඒ සඳහා තව වසර දෙක තුනක් අවශ්‍යයි .නැතිනම් ආර්ථිකය නාය යනවා. අලුත් ආර්ථිකයක් නිර්මාණය කළේ නැතිනම් ණය ගෙන නැවත රට වැටෙනවා. සැප්තැම්බර් 21 වැනිදා මා ඔබෙන් ඉල්ලන්නේ ඒ වැඩ කටයුතු ඉදිරියට ගෙනයාම සඳහා වරමක්."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.
හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට ගෙන තිබේ.