ආපදාවට ලක්වූ අනාරක්ෂිත දරුවන්ගේ තොරතුරු ප්‍රචාරණයෙන් වළකින්න
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් ඇතුළු අපේක්ෂකයින් අද දිනයේ අවසන් ජන රැළි දිවයිනේ ස්ථාන ගණනාවකදී සංවිධාන කර තිබේ.
ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ජය තහවුරු කෙරෙන ජන රැළි අද පැවැත්වෙන්නේ, බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමිනි. ඒ අනුව කළුතර හා ගම්පහදී ජන රැළි පැවැත්වෙන අතර අවසන් ජන රැළිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වීමට නියමිතයි.
ස්වාධීන ජනාධීපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මාතර, ගාල්ල, හෝමාගම හා කළුතරදී ජන රැළිවලට සහභාගි වන අතර අවසන් ජන රැළිය පැවැත්වෙන්නේ ග්‍රෑන්ඩ්පාස් හිදීයී.
සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මොණරාගල, ඇඹිලිපිටිය, අම්බලන්තොට හා බේරුවලදී ජන රැළිවලට සහභාගි වන අතර ඔහුගේ අවසන් ජන රැළිය මරදානේදී පැවැත්වෙනු ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ ගේ ජන රැළි තිස්සමහාරාමය හා මතුගම ප්‍රදේශවලදී පැවැත්වෙන අතර අවසන් ජන රැළිය පිළියන්දල දී සංවිධාන කර තිබේ.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ගේ ජන රැළි පන්නල හා මීගමුව ප්‍රදේශවලදී පැවැත්වෙන අතර අවසන් ජන රැළිය සංවිධාන කර ඇත්තේ කිරුලපන ප්‍රදේශයේදීයී.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.
හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට ගෙන තිබේ.