කාංසාව යනු කුමක් ද? ඊට ගොදුරු නොවීමට සහ ගොදුරු වූවන් ගලවා ගැනීමට ගත යුතු පියවර
කාංසාව යනු, මිනිසුන් තම ජීවිත තුළ ලබන මූලික ම අත්දැකීම්වලින් එකකි. එය තර්ජනාත්මක හෝ අභියෝගාත්මක ලෙස පෙනෙන අවස්ථාවන්ට අප ස්වභාවික දක්වන ප්රතිචාරයකි.
"මම අහන්නේ ඇයි මට මෙහෙම කරන්නේ කියලා. අපි දේශපාලනය කළේ ලොකු කැපවීමක් කරලා. මට මරණ තර්ජන එනවා නොදන්න අංකවලින් කතා කරලා. මාව බය කරන්න එක එක දේවල් කියනවා. රෑට කෝල් අරන් වද දෙනවා. ජරා විදියට එක එක දේවල් කියනවා. මගේ යාලුවන්ට කතා කරලා මං ගැන වැරදි දේවල් කියලා තියනවා. මම බය නෑ දේශපාලනය කරන්න අද මම මැරුණත් හෙට හරි මේක හැදෙයි කියලා මම හිතනවා."
ලොව ප්‍රථම අගමැතිනිය බිහිකළ බවට උදම් අනන රටේ පිරිමි සෙවනැලි නොවී දේශපාලනයට පිවිස සිටින බිම් මට්ටමේ දේශපාලිකාවන්ට නිගා කරන මෙවැනි නීච හැසිරීම් පිළිබඳව ඇය ආරම්භයේ දී ම ප්‍රශ්න කරයි.
“ලේකම් ගේ නෝනා ජීවිතේට දේශපාලනය කරලා නෑ. ගෙදරින් එළියට බහින් නෑ. එයා ඡන්ද කොට්ඨාසයත් පරාදයි. වැඩක් කරන කෙනෙක්ට දුන්න නම් දුකක් නෑ. ඒත් එයාට ධුරයක් දෙන්න යන්නේ හැඳුනුම්කම් හින්දා. මම 90 ගණන් වල ඉඳලා දේශපාලනය කරලා 2005 ඉඳලා ක්‍රියාකාරී දේශපාලනය කරපු කෙනෙක්. අපි හැමදාම නායකයන්ට කඩේ ගියා මිසක් අපිට තැනක් ලැබුණේ නෑ.”
“අපි කොච්චර කිව්වත් ග්‍රාමීය මට්ටමේ කාන්තාව බලගැන්විය යුතුයි කියලා පක්ෂ තුලින්ම සිදු කරන අකටයුතුකම් හරහා කාන්තාව හරිම අසරණ වෙලා. ඒකෙන් වෙන්නේ බිම මට්ටමේ කාන්තාවට දේශපාලනය එපා කරවන එක. දේශපාලන පක්ෂ ඉන්නේ මුදල් තර කරගැනීමේ ව්‍යාපාරයක. ආයතනත් (පළාත් පාලන) මුදල්වලට විකිණෙනවා. ගම් මට්ටමේ කාන්තාවන්ට ඒවා ලබාගන්න බැහැ. කාන්තාවන්ට ඒ දේශපාලනය එක්ක හැප්පෙන්න බැහැ. චරිත ඝාතන, තර්ජන වැඩියි. ඒ නිසා පළාත් පාලන ආයතනවල කාන්තා 25% කාන්තා නියෝජනයට විශාල වශයෙන් නෛතික මැදිහත් වීමක් තියෙන්න ඕන කියලා මම හිතනවා. මොන මට්ටමේ පක්ෂයකට වුණත් විධානයක් දෙන්න පුළුවන් මට්ටමකට නෛතික මැදිහත් වීමක් තිබිය යුතුයි.”
මෙවර පළාත් පාලන මැතිවරණයට සර්ව ජන බල පක්ෂයෙන් කඩුවෙල ආසනය නියෝජනය කරමින් තරග වැදුණු කුමාරි පතිරගේ අපේක්ෂිකාව "25% නීතිගත වුණේ නැතිනම් කාන්තා දේශපාලනයක් නෑ," යනුවෙන් සිය මුහුණු පොතේ පෝස්ටුවක පළ කළ මතයට පක්ෂව කාන්තාවෝ විශාල ප්‍රමාණයක් ද අදහස් දක්වා තිබුණි;
"කාන්තාවන්ට තැන දෙන්න බැරිනම් ඇයි නාමයෝජනා පත්‍රයට කාන්තාවන්ගේ නම් ඇතුලත් කරන්නේ. අපිට හැමදාම කොටන් අදින්න බෑ. අපි පෙරහැර යන්න ඕනා. අපි පක්ෂ භේදයෙන් තොරව එකතු වෙමු."
"හරියට හරි. නැත්තං ඉතිං කොටන් ඇද ඇද තමයි ඉන්න වෙන්නේ. ගිය පාර සියයට 23ක් තිබුණා මේ පාර සියයට කීයක් තියෙයිදදන්නෑ. ඇයි මේ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් කාන්තාවන්ට මෙච්චර බය. ????"
"මේ දිනවල මුලු රටේම සෑම පක්ශ යකම අපේක්ශයන් ගෙ හැසිරීම දැක්කාම නින්දිතයි. හතර අතින් කරන දුරකථන ඇමතිම් වලින් දැනෙනවා හෑම කාන්තාවකගේම වේදනාව කොච්චරද?.
එසේම, මෙවර පළාත් පාලන ආයතන 339න් ආයතන 46ක 25% කාන්තා නියෝජනය අසම්පූර්ණ බව මැතිවරණ කොමසාරිස්වරයා පැවසුවේ ය. සමස්තයක් ලෙස කාන්තා සභිකයන් 1957ක ප්‍රමාණයක් මෙවර පළාත් පාලන ආයතන තුළ සිටිය යුතු නමුත් සිටින්නේ කාන්තා සභිකයන් 1881ක් පමණක් බවයි ඔහු පවසන්නේ. 2018 වසරේ කාන්තා නියෝජනය අසම්පූර්ණ පළාත් පාලන ආයතන ගණන 16කි.
"20% අඩුවෙන් වලංගු ඡන්ද ගන්න පක්ෂවලට තේරී පත්වන මන්ත්‍රී ධුර සංඛ්‍යාව 1ක් නැත්නම් 2ක් නම්, ඒ සභාවලට පත් කරන සභිකයා හෝ දෙන්නා අතරට කාන්තාවක් නම් කරන්න කියන්න බලයක් අපිට නැහැ. නමුත් අපි සෑම පක්ෂවලින්ම ලිඛිත ඉල්ලීමක් කළා ඒ සභාවල 25% කාන්තා නියෝජනය සපුරන්න, නියෝජිතයන් නම් කිරීමේ දී කාන්තාවෝ පත් කරන්න කාරුණික වෙන්න කියලා. කාන්තා නියෝජනය දෙන්න කිව්වමත් ගොඩක් අය කැමති නෑ. නොයෙකුත් ප්‍රශ්න කියනවා."
කාන්තා නියෝජනය 25%ක් නොව 50%ක් දක්වා ඉහල නැංවිය යුතු බව මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අම්බලන්තොට ආසනයට තරග කළ මංගලිකා දසනායක පවසන්නී ය.
"කාන්තා නියෝජනය 25% නෙවෙයි 50% තියනවට අපි කැමති. මොකද කාන්තාවෝ පුහුණු වෙලා හරි දක්ෂයි වැඩ කරන්න. ඒවගේම මේ කොට්ඨාස ක්‍රමය ගොඩක් කාන්තාවන්ට අවාසියි. කොට්ඨාස විතරනේ. වසම් 3-2ක් අහුවෙන්නේ. කාන්තාවන්ට ලොකු ඡන්ද ප්‍රතිශතයක් ගන්න මදි."
2017 වසරේදී පළාත් පාලන මැතිවරණ පනතට ගෙන ආ වැඩි දුර සංශෝධනයේ (2017 අංක 16 දරණ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන*) පනත) 27(ඊ) අනුව, සෑම පළාත් පාලන ආයතනයකම මුළු නියෝජිතයන් සංඛ්‍යාවෙන් 25% ක් කාන්තාවන්ගෙන් සමන්විත විය යුතුය යන්න මෙරට මැතිවරණ ක්‍රියාවලිය තුළ සිදුවූ සාධනීය ප්‍රතිසංස්කරණයක් ලෙස සැලකිය හැකිය.
මෙම කෝටාව මඟින් පළාත් පාලන ආයතන තුළ කාන්තා නියෝජනය සැලකිය යුතු ලෙස ඉහළ නංවන නමුත්, එය ප්‍රායෝගික තලයේ සිදු වන්නේ ද සහ එම නියෝජනය පවතින පුරුෂ අධිකාරීත්වයට අභියෝග කිරීමට ප්‍රමාණවත් ද යන්න ගැටළු සහගත ය.
එසේම, ඡන්ද විමසීමෙන් අනතුරුව සමානුපාතික නියෝජන ලැයිස්තුව තුළින් පත්වීම් ලබා ගැනීමට - බහුතරය පුරුෂයන්ගෙන් සමන්විත - තම පක්ෂවල දේශපාලන බලය දරන තැනැත්තන් මත යැපීමට කාන්තාවන්ට සිදුවීමම ඔවුන් තව තවත් පීඩාවට ඇද දැමීමකි.
පක්ෂවල තීන්දු තීරණ ගන්නා තැන්වල කාන්තා නියෝජනය අවම බැවින් එය ඉහල නැංවිය යුතු ය යන මතයේ තමන් ඉන්නා බවත් පොදුවේ ගතහොත් මෙරට පක්ෂ තුළ කාන්තාවන් කෙරෙහි නොසලකා හැරීම් වැඩි බවත් එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට මොරටුව ආසනයෙන් ඉදිරිපත්වූ මසීනා බාකර් පවසන්නී ය.
"කොමිසම පක්ෂවලට ලිපියකින් කියලා තියෙනවා, 2ක් ලැබුණොත් (ධුර) එකක් හරි කාන්තාවන්ට දෙන්න උත්සහ කරන්න කියලා. පිරිමි අය කියනවා දෙකක් තිබ්බත් එකක් කාන්තාවන්ට දෙන්න අවශ්‍ය නෑ කියලා. එතකොට පක්ෂ අතරමන් වෙනවා. මම නියෝජනය කරන මොරටුව ආසනය ගත්තොත් අපිට බෝනස් සීට් දෙකක් තියෙන්නේ. මේ සීට් දෙකෙන් 1ක් පිරිමි වැඩිම ප්‍රතිශතය ගත් කෙනා සහ කාන්තා වැඩිම ප්‍රතිශතය ගත් කෙනා යවන්නේ. පක්ෂේ තීන්දුව වැඩිම ප්‍රතිශතය ගත් කෙනා යවන්න. හැබැයි අපේක්ෂකයෝ කියනවා එහෙම කරන්න බැහැ. පිරිමි යන්න ඕන කියලා. කාන්තාවන්ට දෙන්න කියලා නීතියක් නැහැ කියලා."
කාන්තාව දේශපාලනය තුල එතරම් අගතියට පත්වීම, ඉදිරියේ දී දේශපාලනයට පිවිසීමට අපේක්ෂාවෙන් සිටින කාන්තාවන් අධෛර්යට පත් කරන්නක් බව මහාචාර්ය, නීතිඥ විශාකා සූරියබණ්ඩාර පවසන්නී ය.
"පක්ෂ වැඩිම ප්‍රතිශතයට ධුර ලබාදෙනවා කිව්වත් කාන්තාව ගැන වෙනම බලන්න ඕන. මොකද පනතේ තියනවනේ 25% කාන්තාවන්ට දෙන්න ඕන කියලා."
"කාන්තා නියෝජනය සභා හතලිස් ගාණක අසම්පුර්ණ වෙන්න හේතුව තමයි, පනතේ තියනවා 20% අඩුවෙන් ඡන්ද සහ සභිකයෝ 3කට වඩා අඩුවෙන් ඉන්න පක්ෂ හෝ ස්වාධින කණ්ඩායම් කාන්තා ධුර සහතික කිරීම අවශ්‍ය නැහැ කියලා. කාන්තා නියෝජනය 25% අනිවාර්යයෙන් අවශ්‍ය නම් මෙය සංශෝධනය විය යුතුයි කියන මතයේ මම ඉන්නවා. නැතුව 25% සාක්ෂාත් කරන්න බැහැ. මැතිවරණ ක්‍රමයේ තියෙන දුර්වලතා මිනිස්සු අවබෝධ කරගන්න කරගන්න ඔවුන් ඒවගෙන් ප්‍රයෝජන ගන්න හදනවනේ. මේ පාර ස්වාධින කණ්ඩායම් ගොඩක් කැඩිලා ඡන්දේ ඉල්ලලා තියෙනවා. කණ්ඩායමකටම සභිකයෙක් හම්බවෙන බව දන්නා නිසා 2018 අත්දැකීමක් ආව නිසා ගොඩක් කණ්ඩායම් මන්ත්‍රීවරු එක්කෙනෙක් හෝ දෙන්නෙක් සහතික කරගෙන තියෙනවා. ඒ වගේ තැනක කාන්තා නියෝජනය අහිමි වෙනවා. ඒ නිසා 25% සහතික කරන්න ඔය කියන කාරණය සශෝධනය කළ යුතු වෙනවා."
"මට වයස පනස් ගානක්. තාමත් දේශපාලනයේ එතනමයි. කොහොම වුණත් අවසාන තත්පරය දක්වා මම සටන් කරනවා. මට මෙහෙම වුණාට ඊළඟට එන කාන්තාවන්ට නිදහසේ දේශපාලන ගමනක් යන්න දෙන්න කියලා මම හැමෝගෙන්ම ඉල්ලනවා.”
කාංසාව යනු, මිනිසුන් තම ජීවිත තුළ ලබන මූලික ම අත්දැකීම්වලින් එකකි. එය තර්ජනාත්මක හෝ අභියෝගාත්මක ලෙස පෙනෙන අවස්ථාවන්ට අප ස්වභාවික දක්වන ප්රතිචාරයකි.
බැතිකම සහ ගැතිකම පසසනු පිණිස, තමන් දේවත්වයට නංවා ගොඩනැගූ ආගමික කල්ලියක අනුගාමිකයන්ගේ බාල වයස්කාර දියණියන් දූෂණය කළ ශ්‍රී ලාංකික වෛද්‍යවරයකුට ඕස්ට්‍රේලියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයක් විසින් වසර 10ක සිර දඬුවමක් නියම කර තිබේ.
"ඒ සිද්ධියෙන් පස්සේ කොහේ ගියත් මට දැනුණේ හැමෝම මගේ දිහා බලනවා වගේ.