චීන විදේශ කටයුතු පිළිබද අමාත්‍ය වොන්ග් ඊ අද (12) අලුයම දිවයිනට පැමිණියේ ය.

චීන විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිස දකුණු අප්‍රිකාවේ සිට චීනය බලා පියාසර කරන අතරතුර අද අලුයම  01.05 ට පමණ දිවයිනට පැමිණ තිබුණේ චීනයට අයත් බෙයිජිං ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකිනි.

විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ඔහු මෙරට විදේශ අමාත්‍ය විජිත හේරත් සමග සුහද සාකච්ඡාවක නිරත වීමට නියමිත බවයි.

චීන විදේශ කටයුතු පිළිබද අමාත්‍ය වොන්ග් ඊ ඇතුළු  පිරිස අද පෙරවරු 11ට පමණ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.