පුවත්

තෙල් සේවකයෝ 3750ක් එළියට දැමිමේ සුදානමක් ?

විදුලි බිල සහ ඉන්ධන මිල ගණන් අඩුකිරීමට අවස්ථාව තිබියදීත් රජය හිතාමතාම මේ මිල ගණන් ඉහළ මට්ටමක පවත්වාගෙන යාම තුළ, අධික වියදම් දරාගැනීමට නොහැකිව කර්මාන්තශාලා වැසී යාමේ අවදානමක් පවතින බව සමගි වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත පවසනවා.

Read More

ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවන T20 තරගය අද

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන 20-20 තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13) අද රාත්‍රි 7.00ට ආරම්භ වීමට නියමිතයි.

Read More

ප්‍රතිඵල පෙන්වන්න : රාජ්‍ය නිලධාරීන්ට ජනපති ගෙන් අභියෝගයක්

මෑත කාලයේ ආණ්ඩුවක් ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කළ විශාලම මුදල වන රුපියල් බිලියන 1400කට ආසන්න මුදලක් මෙවර අයවැයෙන් සංවර්ධන කටයුතු සඳහා වෙන් කර තිබෙන බවත් මෙම වසර අවසන් වීමට පෙර එම ප්‍රතිපාදන නිසි පරිදි වැය කරමින් අපේක්ෂිත ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීමට දායක වීම දේශපාලන අධිකාරියේ මෙන්ම රාජ්‍ය නිලධාරින්ගේද වගකීම බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.

Read More

සජබෙ මුල් පුටු පෙරළෙයි?

මැතිවරණ හයක් එක දිගට පරාජයට පත්ව ඇති හෙයින් ආසන සංවිධායකවරුන් මාරු කිරීමට පෙර පක්ෂය ආරම්භයේ සිට කටයුතු කළ නිලධාරීන් සහ නායකයන් වහාම වෙනස් කරන්නැයි ආසන සංවිධායකවරුන් පිරිසක් සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරුන් දස දෙනෙකු සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පසුගියදා පෞද්ගලිකවම හමුවී ඉල්ලීමක් කර ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

Read More

සාමාන්‍ය පෙළ ප්‍රතිපල නිකුත් කෙරේ

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ නිකුත් කර තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

ඔටිසම් ළමුන් සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන

ඔටිසම් තත්ත්වය සහ ස්නායු සංවර්ධනය පිළිබඳ ගැටලුවලින් පෙළෙන ළමුන් වෙනුවෙන් ප්‍රතිකාර හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා ජාතික මට්ටමේ යාන්ත්‍රණයක් සකස් කිරීමේ යෝජනාවක් සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම් නන්දික කුමානායක නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

Read More