නීතීඥයෙකු මාර්ගයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත ලිඛිතව අදාළ දැනුම් දීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේය.
ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (27) පෙරවරු 9.00ට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනපති බිරිඳට පසුගිය සිකුරාදා දිනයේ දැනුම්දීමක් සිදුකර තිබුණි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ විසින් සමාජ සේවා ව්‍යාපෘතියක් බව පවසමින් පවත්වාගෙන ගිය 'සිරිලිය සවිය' නමැති ව්‍යාපෘතිය සම්බන්ධ ගිණුම් වාර්තාවලට අදාලව මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මෙම කැඳවීම සිදු කර ඇති බව සඳහන් වේ.