අමෙරිකාවෙන් ලංකාවට TH-57 හෙලිකොප්ටර් යානා 10ක්
ආපදා තත්ත්වයන්හිදී භාවිතා කිරීම සඳහා, අමෙරිකා එක්සත් ජනපදය විසින් හෙලිකොප්ටර් යානා 10ක් ශ්‍රී ලංකාවට ප්රදානය කිරීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් පවසයි.
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය අද(10) පෙ.ව. 11.30 පමණ වනවිට මුලතිව් සිට කිලෝමීටර 20ක් පමණ නැගෙනහිරින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී.
එය අද සවස් කාලයේ මුලතිව් ආසන්නයේ වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇති අතර එය හෙට දින වන විට අඩු පීඩන ප්‍රදේශයක් දක්වා දුර්වල වීමට හැකියාව පවතින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
ඒ අනුව උතුරු පළාතේ පැ.කි.මී. 50-60 දක්වා වන ඉතා තද සුළං සමඟ පැ.කි.මි. 70 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇති විය හැකි බව වාර්තා වේ.
එමෙන්ම පුත්තලම, මාතලේ, ත්‍රිකුණාමලය සහ නුවර එළිය දිස්ත්‍රික්කවලත් පැ.කි.මී. 40-50 දක්වා වන තද සුළං ඇති විය හැකියි.
මේ අතර දිවයිනේ උතුරු අර්ධයේ අහස වලාකුළින් බරව පවතින අතර උතුරු පළාතෙත් පුත්තලම, අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
එමෙන්ම උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවද සඳහන් වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආපදා තත්ත්වයන්හිදී භාවිතා කිරීම සඳහා, අමෙරිකා එක්සත් ජනපදය විසින් හෙලිකොප්ටර් යානා 10ක් ශ්‍රී ලංකාවට ප්රදානය කිරීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් පවසයි.
බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට අද (09) පෙ.ව. 11 වනවිට නිවාඩු ලබාදී දරුවන් සහ ගුරුවරුන් පිටත්කර හැරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා දැනුම්දීමක් සිදුකර තිබේ.
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වීමට බොහෝ දුරට හැකියාව පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දෙයි.