වෙනිසියුලානු නොබෙල් සාම ත්‍යාගලාභිනිය තම පදක්කම ට්‍රම්ප්ට පිරිනමයි
තම නොබෙල් සාම ත්‍යාග පදක්කම ධවල මන්දිරයේ තිබූ රැස්වීමකදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනැමූ බව වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ පවසන්නී ය.
සෑම පුද්ගලයකුටම තමන්ගේ රූපය, මුහුණේ හැඩහුරුකම් සහ කටහඬ සඳහා අයිතියක් ඇති බව සහතික කිරීම පිණිස, උත්පාදක කෘත්‍රිම බුද්ධිය ඇසුරින් නිර්මාණය කෙරෙන AI ඩීප්ෆේක්ස්වලට අදාලව ප්‍රකාශන හිමිකම් නීති දැඩි කිරීමට ඩෙන්මාර්කය කටයුතු කරමින් සිටියි.
ඒ අනුව, තමන්ගේම හැඩ හුරුකම් මත පුද්ගලයන් වෙත ප්‍රකාශන හිමිකම ලබා දීමෙන්, සිය රුව ප්‍රතිනිර්මාණය කෙරෙන AI ඩීප්ෆේක්ස් උත්පාදනය කිරීම සහ බෙදා හැරීම සීමා කිරීමට නියමිත පළමු යුරෝපා රට බවට ඩෙන්මාර්කය පත්වනු ඇත.
ඩීප්ෆේක්ස් යනු උත්පාදක කෘත්‍රිම බුද්ධිය යොදාගනිමින්, එහි ඇති ඉතා සංකීර්ණ ලෙස යමක් විශ්ලේෂණය කිරීමේ, සියුම් ලෙස හඳුනා ගැනීමේ සහ වෙනස් කිරීමේ ඥාණය භාවිතයෙන් වීඩියෝවක්, ඡායාරූපයක්, හඬ පටයක් හෝ ලිඛිත යමක් සැබෑවක් යැයි හැඟෙන පරිදි උත්පාදනය කිරීම හෝ අන්‍ය ආකාර කිරීම යි. පුද්ගලයන් ප්‍රතිනිර්මාණය පමණක් නොව උත්පාදක කෘත්‍රිම බුද්ධිය ඇසුරින් සත්වයන්, කලාකෘති, සින්තටික් පරිසර, සිදුවීම් හෝ අවස්ථා සහිත සත්‍ය යැයි හැඟවෙන නිර්මාණ උත්පාදනය කිරීම ද ඩීප්ෆේක්ස් ලෙස හැඳින්විය හැකිය.
2025 වසර අග දී ඩෙන්මාර්කය විසින් අනුමත කිරීමට නියමිත මෙම ප්‍රකාශන හිමිකම් නීතියේ නව සංශෝධනය මගින් උපහාසාත්මක ප්‍රකාශන හැර, අනෙකුත් අනවසර AI ඩීප්ෆේක්ස් පුද්ගල ප්රතිනිර්මාණ ඉවත් කරන මෙන් ඉල්ලා සිටීමට සහ වන්දි ලබා ගැනීමට එරට පුරවැසියන්ට අවස්ථාව හිමිකර දෙයි.
මෙම නීතිය අනුමත වූ පසු, සිය අවසරයකින් තොරව AI ඩීප්ෆේක්ස් පුද්ගල ප්රතිනිර්මාණ බෙදා හරින සමාජ මාධ්‍ය වේදිකාවලින් ඒවා ඉවත් කරන ලෙස ඉල්ලා සිටීමේ අයිතිය ඩෙන්මාර්ක පුරවැසියන්ට ලැබෙනු ඇත.
theleader.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
තම නොබෙල් සාම ත්‍යාග පදක්කම ධවල මන්දිරයේ තිබූ රැස්වීමකදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනැමූ බව වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ පවසන්නී ය.
රුසියාව සහ චීනය ග්‍රීන්ලන්තය තුළ බලය තහවුරු කරගැනීමට පෙර, අමෙරිකාව විසින් එහි බලය තහවුරු කරගත යුතු බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු හමුදා භාරයට ගෙන එරටින් පිටුවහල්කර ඇති බව ජනපති ට්‍රම්ප් සිය 'Truth Social' ගිණුමේ සටහනක් තබමින් නිවේදනය කර තිබේ.