වෙනිසියුලානු නොබෙල් සාම ත්‍යාගලාභිනිය තම පදක්කම ට්‍රම්ප්ට පිරිනමයි
තම නොබෙල් සාම ත්‍යාග පදක්කම ධවල මන්දිරයේ තිබූ රැස්වීමකදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනැමූ බව වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ පවසන්නී ය.
2025 IPL ශූරයන් බවට පත්වූ රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායමේ ජය සැමරීම වෙනුවෙන් බෙංගලූරු චින්නස්වාමි ක්‍රීඩාංගනය අසල අද (4) පැවති සැමරුම් උත්සවයේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.
තවත් පුද්ගලයින් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
අනතුර සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී සංවේගය ප්‍රකාශ කර ඇති අතර තුවාල ලත් පිරිස ට ඉක්මන් සුව පතා ඇත.
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (3) පැවති අතර, ඉන් පංජාබ් කිංග්ස් කණ්ඩායම ලකුණු 6කින් පරාජය කිරීමට බෙංගලූරු කණ්ඩායමට හැකිවිය.
ඒ අනුව බෙංගලූරු කණ්ඩායම වසර 18ක අයි. පී. එල්. ඉතිහාසයේ සිය පළමු කිරුළට හිමිකම් කීවේය.
මෙම ඓතිහාසික ජය සැමරීම සඳහා කර්ණාටක ප්‍රාන්ත ක්‍රිකට් සංගමය (KSCA) විසින් බෙංගලූරු එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණය අසල සංවිධානය කර තිබූ උපහාර උත්සවය අතරතුර මෙම තෙරපීම සිදුව තිබේ.
කර්ණාටක නියෝජ්‍ය මහ ඇමති ඩී.කේ. ශිවකුමාර් පවසා ඇත්තේ පිරිස පාලනය කළ නොහැකි වූ බවයි.
අධික තෙරපීම පාලන කිරීම සඳහා 5,000කට අධික කාර්ය මණ්ඩලයක් යොඳවා ඇති බව වාර්තා වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
තම නොබෙල් සාම ත්‍යාග පදක්කම ධවල මන්දිරයේ තිබූ රැස්වීමකදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනැමූ බව වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ පවසන්නී ය.
රුසියාව සහ චීනය ග්‍රීන්ලන්තය තුළ බලය තහවුරු කරගැනීමට පෙර, අමෙරිකාව විසින් එහි බලය තහවුරු කරගත යුතු බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු හමුදා භාරයට ගෙන එරටින් පිටුවහල්කර ඇති බව ජනපති ට්‍රම්ප් සිය 'Truth Social' ගිණුමේ සටහනක් තබමින් නිවේදනය කර තිබේ.