මහනුවර ප්‍රදේශ කිහිපයකට අද පැය 22ක ජල කප්පාදුවක්
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවුවන්ට ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනයවීමට හා කාන්තා පුනරුත්ථාපන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර පවසයි.
පුනරුත්ථාපන කාර්යාංශ දිස්ත්‍රික් පුනරුත්ථාපන මධ්‍යස්ථාන සැලසුම පිළිබදව සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (11) පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී ය.
පුනරුත්ථාපන කාර්යාංශ දිස්ත්‍රික් පුනරුත්ථාපන මධ්‍යස්ථාන සැලසුම පිළිබදව හා ඒ සදහා විසඳුමක් ලෙස මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන්ට ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනයවීම සඳහා නේවාසික මධ්‍යස්ථාන 4 ක් ස්ථාපිත කිරීම පිළිබඳව අවධානය යොමු විය.
පුනරුත්ථාපනය වන පුද්ගලයින්ට පහසුවෙන් යොමු විය හැකි පරිදි එම නව මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමටත්, එහි පළමු මධ්‍යස්ථානය වැලිකන්ද සේනපුර වෘත්තිය පුහුණු හා සාක්ෂරතා මධ්‍යස්ථානය තුළ පිහිටුවීමටත්, සුදුසු ප්‍රදේශ තෝරා ගැනීමෙන් පසුව සෙසු මධ්‍යස්ථාන පිහිටුවීමටත් මෙහිදී තීරණය විණි.
විශේෂයෙන් මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වු කාන්තාවන් පුනරුත්ථාපනය කිරීම සඳහා මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම පිළිබදව සාකච්ඡා විය.
මෙහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේ ද කියා සිටියේය,
"මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවු පුද්ගලයින්ගේ අනන්‍යතාවය ආරක්ෂා වන පරිදි මෙම වැඩපිළිවෙළ සකස් කළ යුතුයි. ස්වේඡාවෙන් පුනරුත්ථාපනය විය හැකි ස්ථාන පවතින බවට හා එම ස්ථානවල පවතින පහසුකම් පිළිබදව දිස්ත්‍රික්ක 22 ම ආවරණය වන පරිදි ස්ථාන හඳුනා ගත යුතුයි. පළමු මධ්‍යස්ථානය වැලිකන්ද සේනපුර ප්‍රදේශයේ පිහිටුවීමට හා සෙසු මධ්‍යස්ථාන කඩිනමින් පිහිටුවීමට කටයුතු කළ යුතුව පවතිනවා. තමන් සමාජයෙන් බැහැර කළ යුතු පිරිසක් නොවන බවට වු හැඟීම මත් ද්‍රව්‍යට ඇබ්බැහිව පුනරුත්ථාපනය වන පුද්ගලයින්ට ඇති වන පරිදි කටයුතු කළ යුතු යුතුයි. මෙය සෞඛ්‍යමය වශයෙන් මිස හමුදා නිලධාරීන්ගේ පරිපාලනයෙන් තොරව සකස් කළ යුතු යි."
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ, අයෙෂා ජිනසේන, පුනරුත්ථාපන කාර්යාංශ පාලක සභාවේ සභාපති මහාචාර්ය වසන්තා සුභසිංහ, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි ඇතුළු අධිකරණ අමාත්‍යාංශය, පුනරුත්ථාපන කාර්යාංශය, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය නියෝජනය කරමින් උසස් නිලධාරීන් මෙම සාකච්ඡාවට සහභාගි වුහ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.
ඉතිහාසයේ පළමුවරට ලංගමයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම අද (6) සිදුවිය.