දෙනියාය පාසල් වසා දැමුණු උණ රෝගයට හේතුව හෙළිවෙයි
දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක සිසුන් අතර වේගයෙන් පැතිර ගිය උණ රෝගයට හේතුව ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම බව සෞඛ්‍ය අංශ සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
2025 වෙසක් උත්සවය වෙනුවෙන් පැවැත්වෙන වෙසක් දන්සැල් මැයි මස 09ට පෙර ලියාපදිංචි කළයුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
බැතිමතුන් වෙනුවෙන් පැවැත්වෙන සියලුම දන්සල් තමන්ට ආසන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ලියාපදිංචි කිරීමට පියවර ගන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ලේකම් සඳහන් කළේ ය.
දන්සැල් පැවැත්වෙන කාල සීමාවේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3000ක් දන්සල්, ආහාර අලෙවිසල්, හෝටල්, ජංගම ආහාර අලවිසල් පරීක්ෂා කිරීමට ඒ අනුව යොදවනු ඇත.
දන්සැල් ලියාපදිංචි කර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හමුවී උපදෙස් ලබාගන්නා ලෙසත් ආහාර, ජලය මගින් පැතිරී යන බෝවන රෝග වැළැක්වීම සඳහා දන්සල් පරිත්‍යාගශීලීන් සහ සෙසු ආහාර අලෙවි කරන්නන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බවද ඔහු සඳහන් කළේ ය.
එමෙන්ම මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ළඟම තිබෙන මහජන සෞඛ්‍ය පරීක්ෂණ කාර්යාලවලින් ලබා හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක සිසුන් අතර වේගයෙන් පැතිර ගිය උණ රෝගයට හේතුව ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම බව සෞඛ්‍ය අංශ සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
ශ්‍රී ලංකාව ආශ්‍රීතව පවතින අඩුපීඩන කලාපය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ.
"අපි හිතනවා අපේ නිර්දෝශීභාවය ඔප්පු කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි පරීක්ෂණ කටයුතුවලට සහයෝගය දෙන එක ඒ නිසා එන්න කියන ඕනෑම වෙලාවක එනවා", යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.