කුවේට් ගුවන් කලාපය තාවකාලිකව වැසේ
ඉරාන ප්‍රහාරවලින් පසු කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රහස්පතින්දා (11) එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.
රුසියාව සහ යුක්රේනය අතර සටන්විරාමයක් ඇතිකරගැනීම අරමුණ කරගනිමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර පැවැත් වූ තීරණාත්මක සාකච්ඡාව ස්ථිර එකඟතාවයකින් තොරව අවසන්ව තිබේ.
ඇලස්කාවේ වඩාත්ම ජනාකීර්ණ නගරය වන ඇන්කරේජ් හි එල්මෙක්ඩෝෆ්-රිචඩ්සන් හමුදා කඳවුරේ දී පැවති මෙම සාකච්ඡාවේ දී ජනපතිවරුන් දෙදෙනා පැය 3කට ආසන්න කාලයක් සාකච්ඡාවේ නිරත විය.
දෙරටේ ජනාධිපතිවරු ඵලදායී එකඟතාවන්ට එළැඹුණු බව පැවසුවත් සාකච්ඡාවෙන් අනතුරුව ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් නොකළ අතර, කිසිදු ගිවිසුමක් හෝ සටන් විරාමයක් ප්‍රකාශ නොකර පිටව ගියහ.
ජනාධිපතිවරු අතර සාකච්ඡා සඳහා කිසිදු පරිවතකයෙකු එක් නොවූ බවද වාර්තා වේ.
එම සාකච්ඡාව ඉංග්‍රීසි බසින් පැවැත්වී ඇති වුවත්, පුටින් ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී රුසියානු බසින් කථා කිරීම විශේෂත්වයක් විය.
2022 වසරේ පෙබරවාරි මාසයේ දී යුක්රේන යුද්ධය ආරම්භ වීමෙන් පසුව රුසියානු ජනාධිපතිවරයා බටහිර රටක සංචාරය කරන පළමු අවස්ථාව මෙය වන අතර අමෙරිකානු සහ රුසියානු ජනාධිපතිවරුන් වසර 6කට පසු මුහුණට මුහුණ හමු වූ පළමු අවස්ථාවද මෙය වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉරාන ප්‍රහාරවලින් පසු කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රහස්පතින්දා (11) එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.
ඉරානයට එරෙහිව ප්‍රහාර මාලාවක් දියත් කළ බව එක්සත් ජනපදය පවසයි.
පිලිපීනයේ මින්දනාවෝ දූපත් ආසන්නයේ හටගත් රික්ටර් මාපක 7.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයෙන් මියගිය පිරිස 19 දක්වා ඉහල ගොස් තිබේ.