මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්
ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් මසකින් දීර්ඝ කර තිබේ.
පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින් ආරම්භ කළ දීප ව්‍යාප්ත වැඩවර්ජනය අද(06) දෙවැනි දිනටත් ක්‍රියාත්මක වේ.
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ ලේකම් චානක ධර්මවික්‍රම සඳහන් කළේ, තම ඉල්ලීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මෙතෙක් විසදුමක් නොලැබීම හේතුවෙන් මේ පියවර ගත් බවයි.
උසස්වීම්, සතිඅන්ත හා නිවාඩු දින දීමනා, උපාධිධාරීන් බඳවා ගැනීම, වැටුප් හා දීමනා, විශ්‍රාම තත්ත්වයන්ට අදාළ එකඟතා නොසලකා හැරීම සහ සීමාවාසික පුහුණුව යන ගැටලු සහ ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන ලෙස සඳහන් කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කෙරෙයි.
පැය 24ක මෙම වැඩවර්ජනය ඊයේ (05) උදෑසන 8ට ආරම්භ වූ අතර අද උදෑසන අවසන් කිරීමට නියමිතව තිබුණි.
එහෙත් ඊයේ රැස්වූ පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ විධායක සභාව තීරණය කළේ අඛණ්ඩව පැය 48ක් දක්වා වර්ජනය ක්‍රියාත්මක කීරීමට ය.
මේ අතර ඊයේ (05) සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නම් ප්‍රථමයෙන් සේවයට වාර්තාකරන ලෙසය.
අමාත්‍යවරයාගේ එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය දන්වා සිටියේ, තම ගැටළු විසඳීම සඳහා වර්තමාන සෞඛ්‍ය අමාත්‍යතුමාගේ සාධනීය මැදිහත්වීමක් නොවීම හේතුවෙන් තවදුරටත් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය වෙත එළැඹීමට සිදු වූ බවයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් මසකින් දීර්ඝ කර තිබේ.
අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් වැඩිහිටි හා රෝගී පුද්ගලයින් සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
දිවයිනේ සෑම ප්‍රදේශයකම සිටින දරුවන්ට නව තාක්ෂණික අවස්ථාවන් හිමිවන අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසා තිබේ.