තැපැල් ඡන්දය පැවැත්වෙන දින වෙනස් වෙයි
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඕස්ට්‍රේලියානු මාස්ටර් චෙෆ් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරගකරුවන් තිදෙනා අතරට සවින්ද්‍රි පෙරේරා හෙවත් මිතුරන් අතර සව් යන ආදරණීය නමින් හැඳින්වෙන ශ්‍රී ලංකා තරගකාරිය තේරී පත්ව ඇත.
ශ්‍රී ලාංකේය අනන්‍යතාවය මතුකරමින් ඇය විසින් පිළියෙළ කළ ලම්ප්‍රයිස් බත ආහාරයට ගත් විනිසුරුවරුන් දෙදෙනෙකුගේම ඇස් කඳුලින් තෙත් කිරීමට සමත්වීම මෙහි විශේෂ සිදුවීමකි.
ඉකුත් තරග වටයේ දී මිමී, සව්, පෙසා සහ හැරී යන තරගකරුවන් අතර පැවති තියුණු තරග වටයකින් අනතුරුව හැරී තරගාවලියෙන් ඉවත් කෙරුණි.
ඒ අනුව එළඹෙන සඳුදා පැවැත්වීමට නියමිත අවසන් පූර්ව වටයේ දී මිමී, සව් සහ පෙසා තරගවදින අතර ඉන් ජයගන්නා දෙදෙනා අඟහරුවාදා පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයට මුහුණ දෙනු ඇත. එහිදී ජයග්‍රාහකයාට ඕස්ට්‍රේලියානු ඩොලර් 2,50000 ත්‍යාග මුදලක් හිමිවීමට නියමිත ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.