මැයි මැද සිට මෙරට කාලගුණයට 'එල් නීනෝ' බලපෑම්? නිරිතදිග මෝසම් වැසි තත්ත්වයේ වෙනසක්
'එල් නීනෝ' තත්ත්වය මැයි මස මැද භාගයේ සිට මෙරටට කාලගුණයට බලපෑම් එල්ල කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
119 හදිසි ඇමතුම් අංකය අවභාවිතා කිරීම වළක්වාගැනීම සඳහා පොලීසිය විසින් මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ, 119 ක්ෂණික දුරකතන ඇමතුම් මධ්‍යස්ථානය වෙත ඇමතුම් ලබාදෙමින් මෙම සේවාව අවභාවිතා කරන අවස්ථාවන් නිරීක්ෂණය වී ඇති බවය.
පොලීසිය පැවසුවේ, වර්ථමානය වනවිට මෙම මධ්‍යස්ථානය වෙත වාර්තා වන ඇමතුම් සම්බන්ධයෙන් සලකා බැලීමේදී පොලීසිය ක්ෂණිකව ක්‍රියාත්මක වීමට අවශ්‍ය පැමිණිලිවලට අමතරව අසත්‍ය පැමිණිලි හා වෙනත් ක්ෂණික සේවාවන් වෙත යොමු කළ යුතු පැමිණිලිද ලැබෙන බවය.
එමෙන්ම වෙනත් සේවාවන් මඟින් එම අවශ්‍යතාවය ඉටු කර ගැනීමට හැකියාව පැවතියද (පාරිභෝගික සේවා සම්බන්ධ පැමිණිලි, අල්ලස් සම්බන්ධ පැමිණිලි, රාජ්‍ය ආයතන මඟින් සිදුවන අක්‍රමිකතා සම්බන්ධ පැමිණිලි ඉඩම් ආරවුල්, මුදල් ආරවුල් වැනි පොලිසියේ සහාය ක්ෂණිකව අවශ්‍ය නොවන අවස්ථා සම්බන්ධයෙන් වන පැමිණිලි) ඇතැම් පැමිණිලි මෙම හදිසි ඇමතුම් අංකය හරහා බොහෝ විට ඉදිරිපත් කිරීමට මහජනතාව විසින් කටයුතු කරනු ලබ පොලීසිය පවසයි.
ඒ අනුව, හදිසි අවස්ථාවකදී පොලිස් 119 ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානය වෙත සම්බන්ධ වීමට ඇති හැකියාව අවම වන බව පොලීසිය පෙන්වා දෙයි.
මෙලෙස අනවශ්‍ය පැමිණිලි සඳහා කාලය ගත කිරීම තුළින් 119 හදිසි ඇමතුම් අංකය ඔස්සේ පොලිසියේ සහාය ක්ෂණිකව ලබා දිය යුතු අත්‍යවශය වන හදිසි පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා ඇමතුමේ වැඩි කාලයක් රැඳී සිටීමට සිදුවේ.
මෙසේ අසත්‍ය පැමිණිලි ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු වාර්තා කර අදාළ පුද්ගලයින්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇති අතර මෙම සේවාව අවභාවිතා කර ඇති අවස්ථාවන්හි ඊට අදාළ දුරකතන අංකය මඟින් 119 ක්ෂණික දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයට ලැබෙන දුරකතන ඇමතුම් තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරනු ලබයි.
එබැවින් කාර්යක්ෂමව හා ඵලදායී ලෙස සේවය ලබාගැනීමට මෙම සේවාව භාවිතා කිරීමේදී නිසි අවබෝධයෙන් යුතුව, පොලිසියේ සහය ක්ෂණිකව ලබාගත යුතු අවස්ථා හඳුනාගනිමින් කටයුතු කරන ලෙසටත් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
'එල් නීනෝ' තත්ත්වය මැයි මස මැද භාගයේ සිට මෙරටට කාලගුණයට බලපෑම් එල්ල කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද(27) සිට නැවත දැනුම් දෙනතුරු පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව ඇතුලු සියලුම මහජන සේවාවන් අත්හිටුවීමට තීරණය කර තිබේ.
බෙලාරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් වෙත රයිෆලයක් තෑගි කර ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.