මහනුවර ප්‍රදේශ කිහිපයකට අද පැය 22ක ජල කප්පාදුවක්
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
ඊශ්‍රායලය සහ ඉරානය අතර උණුසුම්කාරී වාතාවරණය පිළිබඳ ශ්‍රී ලංකාව සමීපව නිරීක්ෂණය කරන බව විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍යංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරූන් හේමචන්ද්‍ර සඳහන් කර ඇත්තේ පවතින තත්ත්වයන් යටතේ එම කලාපයන් හී පදිංචිව සිටින හෝ සංචාරය කරන සියලුම ශ්‍රී ලාංකිකයින්ට ළඟම ඇති ශ්‍රී ලංකා දූත මණ්ඩලය සමග නිතිපතා සම්බන්ධතා පවත්වන ලෙස දැඩිව උපදෙස් ලබා දී ඇති බවය.
ඒ අනුව මෙම කාලය තුළ ශ්‍රී ලාංකිකයින් සඳහා සහාය වීමට පැය 24 පුරාවට හදිසි සම්බන්ධතා මාර්ග ක්‍රියාත්මක කරන ලෙස මැද පෙරදිග සියලුම ශ්‍රී ලංකා දූත මණ්ඩලය වෙත උපදෙස් ලබා දී ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
ඒ අනුව පහත දැක්වෙන දුරකථන අංක මගින් හදිසි සම්බන්ධතා සඳහා පැය 24 පුරාවට ශ්‍රී ලාංකිකයින්ට සම්බන්ධ විය හැකියාව ඇති බවද නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පැවසීය.
හදිසි සම්බන්ධතා තොරතුරු
📍 Embassy of Sri Lanka – Israel
▪️ +94 71 844 7305 – Deputy Head of Mission
▪️ +94 71 683 3513 – Advisor (Labour Welfare)
▪️ +94 71 974 2095 – Second Secretary (Labour Welfare)
(WhatsApp – Emergencies only)
📍 Embassy of Sri Lanka – Tehran
▪️ Mr. K.G.U. Lakmal, Chargé d’Affaires a.i.
▪️ +98 939 205 5161
(WhatsApp – Emergencies only)
අවශ්‍ය පරිදි වැඩිදුර යාවත්කාලීන කිරීම් නිකුත් කරනු ලැබෙන අතර, කලාපයේ සියලුම ශ්‍රී ලාංකිකයින්ගෙන් ඔවුන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන ලෙසත් රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවල උපදෙස්වලට සහයෝගය දක්වන ලෙසත් විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍යංශය සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.
ඉතිහාසයේ පළමුවරට ලංගමයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම අද (6) සිදුවිය.