වැඩිහිටි දීමනාව ගිණුම්වලට වැටෙන දිනය මෙන්න
සැප්තැම්බර් මාසයට අදාළ වැඩිහිටි දීමනාව ඔක්තෝබර් 1 වැනිදා ප්‍රතිලාභීන්ගේ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු යොදා ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි.
ගුවන්තොටුපොළට පැමිණෙන ජනතාවගේ පොදු ප්‍රවාහන සේවා අවශ්‍යතා සපුරාලීම සඳහා මූලික පියවරක් ලෙස කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වා පෞද්ගලික බස් රථ සේවයක් අද (05) සිට අරඹා තිබේ.
මින් පෙර ඇවරියවත්ත බස් නැවතුම්පොළින් ගමන් අරඹන ලද මෙම බස් රථය අද සිට ගුවන්තොටුපොළින් ගමන් ඇරඹෙන බවත් සේවාව 24 × 7 සේවාවක් ලෙස ක්‍රියාත්මක වීමට නියමිත බවත් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දැනට පුද්ගලික අංශය සතු බස් රථ ධාවනයේ යෙදවීමට නියමිත අතර ඉදිරියේ දී ගමන් මලු රැගෙන යාමේ පහසුව සහිත බස් රථ මෙම සේවය සඳහා යෙදවීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු පවසා ඇත.
මෙම සේවාව සපයන බස් රථ වල සේවය කරනු ලබන සේවක මහතුන් හට ජනතා හිතවාදී සේවයක් සැපයීම සඳහා වූ නිසි පුහුණුවක් ලබා දීමෙන් පසුව මෙම සේවයේ යොදවනු බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා තිබේ.
රුපියල් 290 ක් වැනි මුදලකට කටුනායක සිට කොළඹ බලා සුවපහසුවෙන් පැමිණීමේ අවස්ථාව අද සිට මගී ජනතාවට හිමි වනු ඇත.
ගුවන්තොටුපොළ අධිකාරිය, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ රජයේ මඟ පෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය අරඹා තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සැප්තැම්බර් මාසයට අදාළ වැඩිහිටි දීමනාව ඔක්තෝබර් 1 වැනිදා ප්‍රතිලාභීන්ගේ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු යොදා ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි.
රථවාහන නීති උල්ලංඝනය කරන රියදුරන්ගේ ලකුණු අඩු කිරීමේ ‘Demerit System’ ක්‍රමවේදයේ සය මසක නියමු ව්‍යාපෘතිය ලබන ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම මෙන්ම වඩාත් සුවපහසු සහ ආරක්ෂිත පොදු ප්‍රවාහන සේවාවක් සැපයීමේ අරමුණින්, බස්නාහිර පළාතේ මාර්ග 7ක් ඔස්සේ අලුතින් හඳුන්වා දුන් මෙට්‍රෝ බස් රථ 104ක් හෙට (29) සිට ධාවනයට එක් කිරීමට නියමිතව තිබේ.