තැපැල් ඡන්දය පැවැත්වෙන දින වෙනස් වෙයි
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
වාද්දූව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පොලිස් ඇපමත මුදාහැරීමෙන් පසු මියයාමේ සිද්ධියට අදාළව එම පොලිසියේ කොස්තාපල්වරු 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග කියා සිටියේ පරීක්ෂණ අවසන් වන තෙක් ඔවුන්ගේ වැඩ තහනම් කිරීමට ද කටයුතු කර ඇති බවයි.
මෙලෙස මියගොස් තිබුණේ වාද්දූව – තල්පිටිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි එක් දරු පියෙක්. අත්අඩංගුවේ සිටියදී කළ පහර දීමක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බවටයි මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ ඥාතීන් චෝදනා කරන්නේ.
ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ නියමය යටතේ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.