තද වැසි සහ සුළං තවදුරටත්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මුළුමනින්ම ජාතිවාදී ආගම්වාදී මඩ ගොහොරුවක සිට සජිත් ප්‍රේමදාස කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.
ඔහු මේ බව කියා සිටියේ අද (17) මාවතගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.
"අද මුළුමනින්ම ජාතිවාදී ආගම්වාදී මඩ ගොහොරුවට බැහැලා ඉන්නේ සජිත් ප්‍රේමදාස. එයාගේ ගෝලයෝ කියන්න පටන් අරන් තියෙනවා අපි ආවම නුවර පෙරහැර නවත්තනවා, ඇත්කද විහාරයේ පෙරහැර නතර කරනවා, පන්සලට දානයක් හම්බවෙනෙකක් නැහැ, නිරාගමික රටක් හදන්න යනවලු.... රාමසාන් හජ්ජි උත්සව දෙකක් බැහැ එකයිලු, රැවුල වවන්න දෙන්නෙත් නැහැලු මුස්ලිම් අයට. මම කිව්වා මාත් බාගෙට වවාගෙන ඉන්නේ කියලා. මොකක්ද මේ..... ඉතාමත් කැත පන්නයේ ජාතිවාදී මඩ ගොහොරුවක වැටිලා ඉන්නේ. සජිත් ඊට වඩා මොනවටද ප්‍රබුද්ධ. රටේ මහා ගැඹුරු අර්බුදය තේරුම් අරගෙන විසඳුම් දෙන්නත් බැහැනේ ඔයවගේ කතා තමයි කියන්න තියෙන්නේ.
අපි ඇහුවොත් අලි ප්‍රශ්නෙට මොකද කරන්නේ කියලා මං ගාව හොඳ මන්තරයක් තියෙනවා රටටම පාඩම් කරවනවාලු. මේ රාජ්‍ය සේවය ආකර්යක්ෂමයි එයා කාමරේ බොත්තමක් හයි කරනවලු. බොත්තම ඔබපුවම ..... පව් අප්පා හරිද...මේ වගේ මනුස්සයෙක්.. තව රෑට රෑට ගෙවල්වලට යනවලු. අනේ ඕන ගෙදරක යන්න.. මොකක්ද මේ කියන්නේ.. එයා ප්‍රේමදාස මහත්තයාගේ පුතා නොවෙන්න මේ මාවතගම ප්‍රාදේශීය සභාවටවත් තෝරාගන්නේ නෑ."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලට ජලය සපයන ඩෙවෝන් ඇළ පිටාර ගොස් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යටවී තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.