යාපනයට ගිය ජනපති ගෙන් උතුරේ ඉඩම් ගැටලුවට විසඳුම්
උතුරේ ඉඩම් ගැටලුව සමාලෝචනය කර ජනතාවට එම ඉඩම් නැවත ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
අන්තරායකර ඖෂධ වලට ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනය කිරීම සඳහා විශේෂ මධ්‍යස්ථානයක් පිහිටුවීමට පුනරුත්ථාපන කාර්යංශය පියවර ගෙන තිබේ.
වව්නියාව ප්‍රදේශයේ ඉදිකර ඇති එම මධ්‍යස්ථානය තුළ කාන්තාවන් 100 දෙනෙකු පුනරුත්ථාපනය කළ හැකි බව වාර්තා වේ.
ඒ අනුව අධිකරණ නියෝග යටතේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ කාන්තාවන් මෙම මධ්‍යස්ථානය හරහා පුනරුත්ථාපනය කිරීමට සැලසුම් කර ඇත.
ඒ පිළිබඳව පුනරුත්ථාපනය කොමසාරිස් ජනරාල්වරයා විසින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය දැනුවත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනය සඳහා යොමු කරන්නේ නම් වව්නියාවේ පිහිටි මෙම නව පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලෙස අධිකරණ සේවා කොමිසන් සභාව සියලු විනිසුරුවරුන්ට දැනුම්දී තිබේ.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
උතුරේ ඉඩම් ගැටලුව සමාලෝචනය කර ජනතාවට එම ඉඩම් නැවත ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
අමෙරිකානු නව පාලනාධිකාරිය විසින් පිටුවහල් කිරීමට නියමිත අනවසරයෙන් රැඳී සිටින විදේශිකයන් අතර ශ්‍රී ලාංකිකයින් 3065 දෙනෙකු සිටින බව එරට සංක්‍රමණික සහ රේගු බලාධිකාරිය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් හි පැවති 40වන ලෝක විවාහක රූ රැජිත තරගයේ දෙවන ස්ථානය ශ්‍රී ලංකාවේ ඉෂාදි අමන්දා විසින් දිනාගෙන තිබේ.