හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.
මාතර, කඹුරුගමුව නව දිස්ත්‍රික් මහ රෝහල තුළ සැප්තැම්බර් පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි ප්‍රතිකාර ඒකකයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා මෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මාතර දිස්ත්‍රික් මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය උපාලි කරුණාරත්න හට උපදෙස් ලබා දී තිබේ.
සෞඛ්‍ය ලේකම්වරයා මෙසේ උපදෙස් ලබා දී ඇත්තේ ඊයේ (18) මාතර, කඹුරුගමුව, ලැබීම ප්‍රදේශයේ ස්ථාපිත මාතර නව දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්ය.
මෙම හදිසි ප්‍රතිකාර ඒකකය ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය වෛද්‍ය, හෙද ඇතුළු අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල මාතර මහ රෝහලෙන් සේවයට යෙදවීමට පියවර ගන්නා මෙන්ද ලේකම්වරයා රෝහල් අධ්යක්ෂ වෙත උපදෙස් ලබා දී ඇත.
මාතර, කඹුරුගමුව නව දිස්ත්‍රික් මහ රෝහල, මාතර මහ රෝහලට අනුබද්ධව ක්‍රියාත්ම වන අතර එය කොරියානු රජයේ ආධාර මත ඉදිකරන ලදී.
මෙයට අමතරව මාතර දිස්ත්‍රික් මහ රෝහලේද සෞඛ්‍ය ලේකම්වරයා විශේෂ නිරීක්ෂණයක නිරත වී ඇත.
මාතර දිස්ත්‍රික් මහ රෝහල තුළ අවශ්‍යතාවය පරිදි අලුත් වැඩියාවන් සිදුකිරීමට රුපියල් මිලියන 135 ක මුදල් ප්‍රතිපාදන සෞඛ්‍ය ලේකම්වරයා මීට පෙර අවස්ථාවක අඩුපාඩු සොයාබැලීමේ නිරීක්ෂණයකට එක්වෙමින් රෝහලට ලබාදීමට පියවර ගෙන තිබිණි.
ඊට අමතරව රෝහලට අවශ්‍ය, අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා ගැනීමටද රුපියල් මිලියන 110 මුදලක්ද ලබා දී තිබිණි.
එම ලබාදුන් මුදල් ප්‍රතිපාදන තුළින් රෝහල තුළ සිදුකරන අලුත් වැඩියාවන් පිළිබදව සොයා බැලීම මෙන්ම තවදුරටත් රෝහලේ සංවර්ධනය සිදුවිය යුතු ආකාරය පිළිබදව සොයා බැලීම මෙම චාරිකාවේ ප්‍රධාන අරමුණ විය.
මෙහිදී තවත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ මිළදී ගැනීමට රුපියල් මිළියන 50 ක මුදලක් රෝහල වෙත ලබා දීමටත්, තවත් අලුත් වැඩියාවන් සිදු කිරීමට ඇත්නම් ඒ සදහා මුදල් ප්‍රතිපාදන ගැනීම සදහා තමන් දැනුවත් කරන ලෙසටද රෝහල් අධ්යක්ෂවරයා ප්රමුඛ පාලන අධිකාරියට ලේකම්වරයා උපදෙස් දී තිබේ.
මෙම වර්ෂය අවසන් වීමට පෙර සියලුම අලුත්වැඩියාවන් කටයුතු සිදුකර නවීන අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණද ලබාගෙන මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට ගුණාත්මක, විධිමත් ප්‍රතිකාර සේවාවක් ලබා දීමට කටයුතු කරන මෙන්ද උපදෙස් දුන්නේය.
මෙම නිරීක්ෂණ චාරිකාවන් සදහා මාතර මහ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය ජයංගා පීං රණසිංහ, මාතර, කඹුරුගමුව නව දිස්ත්‍රික් මහ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන අබේසේකර යන, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.
මාසික ඉන්ධන මිල සංශෝධනය යටතේ අගෝස්තු මාසයේ දී ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) අනුමැතිය ලබාදී තිබේ.