විදුලි ගාස්තුව ඉහළට
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.
මෙරට දරුවන්ගේ නින්ද සම්බන්ධ ගැටලු පවතින බව, සිදුකරන ලද සීමිත පර්යේෂණවලින් අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
දරුවන් හට සුවබර නින්දක් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට දෙමව්පියන්ගේ කාර්යය භාරයක් වන බව යි එම කාර්යාංශයේ සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඉනෝකා වික්‍රමසිංහ සඳහන් කරන්නේ.
"ලංකාවේ දරුවන් අතරින් නින්ද සම්බන්ධයෙන් ගොඩක් ලොකු පර්යේෂණ සිදුකරලා නැති වුණත් තිබෙන සීමිත දත්තවලට අනුව පෙනී ගිහින් තියෙනවා අවුරුද්දක් වනතුරු දරුවන් අතරේ 25%ක දරුවන්ට ගැටලු තියෙනවා කියලා. ඒ වගේම නව යොවුන් වියේ දී නින්ද අඩුකම නිසා ඇති වෙන බලපෑම් ඇති වෙලා තියෙනවා වගේම වැඩිහිටි සහ තරුණ අයගේ නින්දේ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් තියෙන බව ලංකාවේ තිබෙන සීමිත දත්තවලින් පවා පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම පාසල් දරුවන්ට ගැඹුරු මතකයක් ලෙස ස්ථාවර මතකයක් ඇති කරගන්නත් හොඳ නින්දක් ඕනේ. ඒකට එයා පුංචිකාලේ ඉඳලා පුරුදු වෙන්න ඕනේ නිදා ගන්න."
"උපතේ ඉඳලා මාස තුනක විතර කාලයේ දී පැය 14 - 17ක් පමණ නිදා ගත යුතුයි කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවල තියෙනවා. මාස 4 සිට අවුරුද්ද දක්වා පැය 12 සිට පැය 16කුත්, අවුරුද්දේ සිට අවුරුදු 2 දක්වා පැය 11 සිට පැය 14 දක්වාත්, අවුරුදු 3 සිට අවුරුදු 4 දක්වා පැය 10 සිට පැය 13කුත්, අවුරුදු 5 දරුවෙකුට පැය 10 සිට පැය 12 දක්වා නිදා ගත යුතුයි. අවුරුදු 5 දක්වා දරුවන්ට 24න් 50%කට වැඩිය නින්ද අවශ්‍යයි. එය මානසික හා ශාරීරික සෞඛ්‍යට හා වර්ධනයට බලපායි. වැඩිහිටියෙක් නම් අඩුම තරමින් පැය 7ක් වත් නිදා ගන්න ඕනේ."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.
රට තුළ පවතින වියළි සහ නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි සති දෙක තුන තුළ දී දිනකට පැය කිහිපයකට ජල සැපයුම සීමා කිරීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු චන්දන බණ්ඩාර පවසයි.
මාර්තු 23, 24, 26 යන තෙදින තුළ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවය සඳහා බත්තරමුල්ල සුහුරුපායේ ප්‍රධාන කාර්යාලය හා පළාත් කාර්යාල වෙත පැමිණ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වූ සේවාලාභීන්ට පමණක් අද (30) දින එක්දින සේවය මඟින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.