එයාර් බස් නඩුවට නාමල්ට ඇප
එයාර් බස් සිද්ධියේ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදාහරිණ ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
මැගසින් බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය පරීක්ෂාවකදී සිදුවූ පහරදීමකින් තුවාල ලැබූ රැඳවියෙකු මියගොස් තිබේ.
අදාළ පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුට සහ තවත් රැඳවියන් දෙදෙනෙකුටය.
අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාව යටතේ පසුගිය 23වනදා මහරගම පොලීසිය මගින් අත්අඩංගුවට ගැනුණු හේවාධීර දොන් ගැමුණුජිත් නම් 54 හැවිරිදි එක්දරු පියෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.
කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරු සතුව අයිස් මත්ද්‍රව්‍ය ඇති බවට මතුවූ සැකයක් මත බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු පසුගිය 26වනදා ඔහුව පරීක්ෂා කිරීමට උත්සාහා දරා තිබේ.
එහිදී ඔහු විසින් එම අයිස් මත්ද්‍රව්‍ය ගිලදැමීමත් සමඟ අදාළ නිලධාරීන් දෙදෙනා තවත් රැඳවියන් දෙදෙනකු සමඟ එක්ව ඔහුට අමානුෂික ලෙස පහරදී ඇති බව පොලීසිය පවසයි.
එහිදී බරපතළ තුවාල ලැබූ රැඳවියා බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇත.
එහි ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියා ඉකුත් 16 වනදා පස්වරුවේ මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.
බොරැල්ල පොලීසියේ විමර්ශන වලදී බන්ධනාගාරයේ සෙසු රැඳවියන්ද පවසා ඇත්තේ, අදාළ රැඳවියා අයිස් මත්ද්‍රව්‍ය ගිලදැමීමෙන් පසුව බන්ධානාර නිලධාරීන් දෙදෙනෙකු තවත් රැඳවියන් දෙදෙනෙකු සමඟ එක්ව ඔහුට අමානුෂික ලෙස පහරදී වමනය කරවීම සඳහා ලුණු මිශ්‍ර වතුර බෝතල් දෙකක් පෙවූ බවය.
සිද්ධිය වූ මැගසින් බන්ධනාගාරය කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් සම්පත් ජයවර්ධන මහතාගේ පරීක්ෂණයට ලක්ව ඇත.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
එයාර් බස් සිද්ධියේ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදාහරිණ ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
2027 වසර සඳහා වන අයවැය කතාව නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර සඳහන් කළාය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට එරෙහිව පොදු දේපොළ පනත යටතේ පවරා ඇති නඩුව අද (30) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතව තිබේ.