මෙරට ආපදා මරණ තවත් ඉහළට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට පත්වූ පළමු අවස්ථාව මෙයයි.
ඔහු ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (22) උදෑසන පැමිණියා.
එසේ පැමිණි අවස්ථාවේදීයි මෙලෙස ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.
පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා රජයේ මුදල් යොදාගෙන ඇති බව කියන සිදුවීමකට අදාළව කෙරෙන විමර්ශනයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි හිටපු ජනපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ.
2023 වසරේ සැප්තැම්බර් 22 සහ 23 දිනවල එම සංචාරය සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග පුද්ගලයින් දස දෙනෙක් මෙම සංචාරයට ගොස් ඇතැයිද වාර්තා වෙනවා.
අදාළ විමර්ශනයට මීට පෙර හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගෙන් සහ හිටපු ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරාගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගැනීමට පියවර ගත්තා.
hirunews.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.