දෙනියාය පාසල් වසා දැමුණු උණ රෝගයට හේතුව හෙළිවෙයි
දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක සිසුන් අතර වේගයෙන් පැතිර ගිය උණ රෝගයට හේතුව ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම බව සෞඛ්‍ය අංශ සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
බැංකු ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී, තුන්වැනි අදියර වනතුරුම ණය ගෙවීම් පැහැර හැර ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දුන් මූලික ගැටලු සඳහා මේ වන විට විසඳුම් ඉදිරිපත් කර ඇතැයි, මුදල් අමාත්‍යාංශය පවසයි.
මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සඳහන් කළේ වත්මන් බැංකු නීතිය යටතේ තුන්වන අදියර දක්වා ණය පැහැර හැර ඇති පුද්ගලයෙකු ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසුවද සලකනු ලබන්නේ තුන්වෙනි අදියරේ ණය පැහැර හැර ඇති පුද්ගලයෙකු ලෙස බැවින් අදාළ පුද්ගලයාට නව ණය මුදල් සඳහා ඉල්ලුම් කිරීමට හැකියාව නොලැබෙන බවයි.
නව විසඳුමට අනුව ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ සහ කර්මාන්ත අමාත්‍යංශයේ නිර්දේශ මත ණය පැහැර හැර ඇති පුද්ගලයින්ට තවත් ණය මුදල් සඳහා ඉල්ලුම් කිරීමට හැකියාව ලැබෙනු ඇත.
නව විසඳුම සමග මෙවර අයවැයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට වෙන්කර තිබූ රුපියල් බිලියන 5ක මුදල් ප්‍රමාණය ගැටලුළුවකින් තොරව බෙදා දීමට හැකියාව ලැබෙන බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ප්‍රකාශ කළේ ය.
නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ණය මුදල් පැහැර හැර ඇති එවැනි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වරළත් ගණකාධිකාරණ ආයතනයෙන් සහ කර්මාන්ත අමාත්‍යංශයේ නිර්දේශ ලබා ගැනීමට සාකච්ඡා සඳහා සූදානම් විය යුතු බවයි.
අනතුරුව ජාතික ආර්ථිකයට ඵලදායි වන ආකාරයට ප්‍රමුඛතා ලයිස්තුවක් සකස් කර ඉදිරි මාස නවය ඇතුළත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හට අයවැයෙන් වෙන් කළ ණය මුදල් බෙදා දීම සිදු කරන බව නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක සිසුන් අතර වේගයෙන් පැතිර ගිය උණ රෝගයට හේතුව ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම බව සෞඛ්‍ය අංශ සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
ශ්‍රී ලංකාව ආශ්‍රීතව පවතින අඩුපීඩන කලාපය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ.
"අපි හිතනවා අපේ නිර්දෝශීභාවය ඔප්පු කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි පරීක්ෂණ කටයුතුවලට සහයෝගය දෙන එක ඒ නිසා එන්න කියන ඕනෑම වෙලාවක එනවා", යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.