මැයි මැද සිට මෙරට කාලගුණයට 'එල් නීනෝ' බලපෑම්? නිරිතදිග මෝසම් වැසි තත්ත්වයේ වෙනසක්
'එල් නීනෝ' තත්ත්වය මැයි මස මැද භාගයේ සිට මෙරටට කාලගුණයට බලපෑම් එල්ල කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
“පරිගණක අපරාධ මූලස්ථානය” ලෙස සඳහන් කර වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ගේ නම සහ ව්‍යාජ ලෙස සකස් කරන ලද අත්සනක් ද සහිතව “විශ්වාස කිරීම (CONVICTION)” යන ශීර්ෂය යටතේ ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කරන ලද ව්‍යාජ ලිපියක් සම්බන්ධව මහජනතාව දැනුවත් කරමින් ශ්‍රී ලංකා පොලිසිය නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම ලිපිය යොමු කරන ලද ආයතනය ලෙස සඳහන් “Cyber Crime Headquarters Colombo, Sri lanka” නමින් ආයතනයක් ශ්‍රී ලංකාව තුළ නොවන අතර මෙහි දක්වා ඇති තනතුරු හෝ කරුණු ශ්‍රී ලංකා පොලීසිය මඟින් ප්‍රකාශයට පත් නොකරන ලද, අසත්‍ය හා විකෘති කරන ලද කරුණු බව ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවට තවදුරටත් දන්වා සිටී.
ඉහත “විශ්වාස කිරීම (CONVICTION)” නම් ඉංග්‍රීසි ලිපිය උපයෝගී කරගෙන මුදල් ඉල්ලමින් මහජනතාව නොමඟ යවා අපහසුතාවයට පත් කරන බවද මේ වනවිට තොරතුරු අනාවරණය වෙමින් පවතින බව පොලීසිය දැනුම්දෙයි.
ඒ අනුව, එම ලිපිය කෙරෙහි විශ්වාසය තබා කිසිදු ආකාරයක මුදල් යොමු කිරීමක් සිදු නොකළ යුතු අතර මෙලෙස අසත්‍ය කරුණු ප්‍රචාරය කිරීමට සම්බන්ධ තැනැත්තන්ට එරෙහිව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන ආරම්භ කර ඇති බවද පොලීසිය පවසයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
'එල් නීනෝ' තත්ත්වය මැයි මස මැද භාගයේ සිට මෙරටට කාලගුණයට බලපෑම් එල්ල කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද(27) සිට නැවත දැනුම් දෙනතුරු පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව ඇතුලු සියලුම මහජන සේවාවන් අත්හිටුවීමට තීරණය කර තිබේ.
බෙලාරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් වෙත රයිෆලයක් තෑගි කර ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.