තද වැසි සහ සුළං තවදුරටත්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
විද්‍යුත් ගමන් බලපත්‍ර මිලියන පහක් සැපයීමට මූලික ප්‍රසම්පාදනයේ කොටසක් ලෙස සමාගම් දෙකකින් N-Series විදේශ ගමන් බලපත්‍ර 750,000ක් මිලදී ගැනීමට අනුමැතිය ලබා දුන් කැබිනට් තීරණය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අද (26) අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝණය කෙරෙන දුෂිත ගනුදෙනුවක් බව පවසමින් එපික් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් සහ එහි විධායක සභාපතිවරයා විසින් ගොනු කරන ලද රීට් පෙත්සමක් සලකා බැලු අවස්ථාවේදී.
අභියාචනාධිකරණ විනිසුරු මෙහොමඩ් ලෆාර් විසින් මෙම නියෝගය ලබා දී ඇත.
මෙම නියෝගය ඔක්තෝම්බර් මස 01 වෙනිදා දක්වා බල පැවැත්වෙනු ඇති.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලට ජලය සපයන ඩෙවෝන් ඇළ පිටාර ගොස් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යටවී තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.