මහනුවර ප්‍රදේශ කිහිපයකට අද පැය 22ක ජල කප්පාදුවක්
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පත් කර තිබේ.
මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම වෙත භාර දී ඇත.
මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කළ ඔහු මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ අධ්යක්ෂවරයකු ලෙස සුරියප්පෙරුම වසර ගණනාවක් ප්‍රාග්ධන වෙළෙඳපොළ නියාමනයට මැදිහත් වී ඇති බවත් එහිදී ලෝක බැංකුවේ පහසුවෙන් ව්‍යාපාරකරණයට අදාළ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලට අනුව, සුළු පරිමාණ ආයෝජකයින්ගේ රැකවරණය පිළිබඳ ශ්‍රේණිගත කිරීමෙහි ශ්‍රී ලංකාව 74 වන ස්ථානයේ සිට 28 වන ස්ථානය දක්වා ඉහළට ගෙන ඒමට ඔහු සමත් වූ බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය (MBA) ලබා ඇති ඔහු මැලේසියාවේ කළමනාකරණ හා විද්‍යා විශ්වවිද්‍යාලයෙහි (Management and Science University) ආචාර්ය උපාධිධාරියකුද වේ.
ඔහු එක්සත් රාජධානියේ, කළමනාකරණ ගණකාධිකාරීන්ගේ වරලත් ආයතනය (CIMA) සහ වරලත් සහතිකලත් ගණකාධිකාරි සංගමයේ (ACCA) සාමාජිකයෙකි.
මූල්‍ය විශුද්ධිකරණයට එරෙහි කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු ලෙස ප්‍රාග්ධන වෙළෙඳපොළ නියෝජනය කරමින් කටයුතු කර ඇති අතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ලැයිස්තුගත කිරීම් සඳහා වන ප්රතිපත්තිද ඇතුළුව මූල්‍ය ක්ෂේත්රය තුළ දැනට ක්‍රියාත්මක වන ප්‍රතිපත්ති සකස් කිරීමටද ඔහු දායක වී ඇති බවත් පෞද්ගලික අංශයේ ඉහළ පෙළේ සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරි තනතුර ඇතුළු ප්‍රධාන තනතුරු රැසක් හොබවා ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.
ඉතිහාසයේ පළමුවරට ලංගමයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම අද (6) සිදුවිය.