එළඹෙන සැප්තැම්බර් 21 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය ලබාදීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන බලමණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව අද (31) පස්වරුවේ රැස්වී ඒ පිළිබඳව අවසන් තීරණයක් ගෙන තිබුණි.

එහිදී දුමින්ද දිසානායක  වැඩිදුරටත් සඳහන් කළේ, "අපෙන් සහාය ඉල්ලා ලිඛිතව ඉල්ලීමක් කරලා තිබෙන්නේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පමණයි." යනුවෙනි

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.