හෙට ප්‍රදේශ කිහිපයකට උණුසුම් කාලගුණයක්
නැගෙනහිර පළාත, කිලිනොච්චි, මුලතිව්, වවුනියා, පොළොන්නරුව, මොනරාගල දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
දෛනිකව මෙරටින් පිළිකා රෝගීන් 103 දෙනෙකු පමණ හඳුනා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා මේ බව සඳහන් කළේ ඊයේ (9) දින සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් පැවත්වූ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
පුරුෂයන් අතර බහුල පිළිකා ලෙස පළමුව මුඛ පිළිකාවත් දෙවනුව පෙනහළු පිළිකාවත් තෙවනුව මහා අන්ත්‍ර ගුද මාර්ග පිළිකාවත් සැලකෙන බව ඔහු පවසයි.
කාන්තාවන් අතර බහුල පිළිකා ලෙස පළමුව පියයුරු පිළිකාවත් දෙවනුව තයිරොයිඩ් ග්රන්ථ පිළිකාවත් තෙවනුව මහා අන්ත්‍ර ගුද මාර්ග පිළිකාවත් සැලකෙන බව ඔහු පවසයි.
කාන්තා පියයුරු පිළිකා රෝගීන් 5500ක් පමණ වසරකට හඳුනා ගැනෙන බව ඔහු වැඩිදුරටත් පැවසිය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නැගෙනහිර පළාත, කිලිනොච්චි, මුලතිව්, වවුනියා, පොළොන්නරුව, මොනරාගල දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පාලනය වන බෙන්තොට, කතරගම, මහියංගණය, ඇඹිලිපිටිය සහ අනුරාධපුර ප්‍රදේශවල පිහිටි ජනාධිපති මන්දිර සංචාරක ආයෝජන ව්‍යාපෘති සඳහා දීර්ඝකාලීන බදු පදනම මත සුදුසු ආයෝජකයන් වෙත ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ට වසර එක හමාරක සිරදඬුවමක් නියම කර තිබේ.