කුවේට් ගුවන් කලාපය තාවකාලිකව වැසේ
ඉරාන ප්‍රහාරවලින් පසු කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රහස්පතින්දා (11) එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.
සෑම පුද්ගලයකුටම තමන්ගේ රූපය, මුහුණේ හැඩහුරුකම් සහ කටහඬ සඳහා අයිතියක් ඇති බව සහතික කිරීම පිණිස, උත්පාදක කෘත්‍රිම බුද්ධිය ඇසුරින් නිර්මාණය කෙරෙන AI ඩීප්ෆේක්ස්වලට අදාලව ප්‍රකාශන හිමිකම් නීති දැඩි කිරීමට ඩෙන්මාර්කය කටයුතු කරමින් සිටියි.
ඒ අනුව, තමන්ගේම හැඩ හුරුකම් මත පුද්ගලයන් වෙත ප්‍රකාශන හිමිකම ලබා දීමෙන්, සිය රුව ප්‍රතිනිර්මාණය කෙරෙන AI ඩීප්ෆේක්ස් උත්පාදනය කිරීම සහ බෙදා හැරීම සීමා කිරීමට නියමිත පළමු යුරෝපා රට බවට ඩෙන්මාර්කය පත්වනු ඇත.
ඩීප්ෆේක්ස් යනු උත්පාදක කෘත්‍රිම බුද්ධිය යොදාගනිමින්, එහි ඇති ඉතා සංකීර්ණ ලෙස යමක් විශ්ලේෂණය කිරීමේ, සියුම් ලෙස හඳුනා ගැනීමේ සහ වෙනස් කිරීමේ ඥාණය භාවිතයෙන් වීඩියෝවක්, ඡායාරූපයක්, හඬ පටයක් හෝ ලිඛිත යමක් සැබෑවක් යැයි හැඟෙන පරිදි උත්පාදනය කිරීම හෝ අන්‍ය ආකාර කිරීම යි. පුද්ගලයන් ප්‍රතිනිර්මාණය පමණක් නොව උත්පාදක කෘත්‍රිම බුද්ධිය ඇසුරින් සත්වයන්, කලාකෘති, සින්තටික් පරිසර, සිදුවීම් හෝ අවස්ථා සහිත සත්‍ය යැයි හැඟවෙන නිර්මාණ උත්පාදනය කිරීම ද ඩීප්ෆේක්ස් ලෙස හැඳින්විය හැකිය.
2025 වසර අග දී ඩෙන්මාර්කය විසින් අනුමත කිරීමට නියමිත මෙම ප්‍රකාශන හිමිකම් නීතියේ නව සංශෝධනය මගින් උපහාසාත්මක ප්‍රකාශන හැර, අනෙකුත් අනවසර AI ඩීප්ෆේක්ස් පුද්ගල ප්රතිනිර්මාණ ඉවත් කරන මෙන් ඉල්ලා සිටීමට සහ වන්දි ලබා ගැනීමට එරට පුරවැසියන්ට අවස්ථාව හිමිකර දෙයි.
මෙම නීතිය අනුමත වූ පසු, සිය අවසරයකින් තොරව AI ඩීප්ෆේක්ස් පුද්ගල ප්රතිනිර්මාණ බෙදා හරින සමාජ මාධ්‍ය වේදිකාවලින් ඒවා ඉවත් කරන ලෙස ඉල්ලා සිටීමේ අයිතිය ඩෙන්මාර්ක පුරවැසියන්ට ලැබෙනු ඇත.
theleader.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉරාන ප්‍රහාරවලින් පසු කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රහස්පතින්දා (11) එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.
ඉරානයට එරෙහිව ප්‍රහාර මාලාවක් දියත් කළ බව එක්සත් ජනපදය පවසයි.
පිලිපීනයේ මින්දනාවෝ දූපත් ආසන්නයේ හටගත් රික්ටර් මාපක 7.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයෙන් මියගිය පිරිස 19 දක්වා ඉහල ගොස් තිබේ.