අපි බාල ගල් අඟුරු ගේන්න එපාමයි කිවුවා ඒත් ආණ්ඩුව ඇහුවේ නෑ-නාමල් රාජපක්ෂ
බාල ගල් අඟුරු ගෙනෙන්නට එපායැයි තමන් කොතරම් අනතුරු ඇඟවුවත් ආණ්ඩුව එය කනකට ගත්තේ නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
මෙරට සිදුවන සමස්ත මරණ අතුරින් සියයට 70ක් අධි රුධිර පීඩනය හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයන් හේතුවෙන් සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාශයේ බෝ නොවන රෝග ඒකකය පවසයි.
එම ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමින්ධි සමරකෝන් සඳහන් කළේ, බෝ නොවන රෝග සම්බන්ධයෙන් 2021 වර්ෂයේ සිදුකළ සමීක්ෂණය මඟින් මෙරට ජනතාවගෙන් සියයට 34.8ක් අධි රුධිර පීඩනයෙන් පෙළෙන බවට හඳුනාගෙන ඇති බවය.
"බොහෝ වෙලාවන්වලදී මේකේ කිසිම රෝග ලක්ෂණයක් දක්වන්නේ නෑ මුල් අවස්ථාවන්වලදී. නමුත් මේ අධික රුධිර පීඩනය ශරීරය තුළ යම් කාලයක් පැවතියාට පස්සේ, සමහර වෙලාවට අපි ඉස්සෙල්ලාම හඳුනාගන්නේ අඝාතය. සමහර අවස්ථාවලදී හෘදයාබාධයක් විදියටත් අධික රුධිර පීඩනය එළියට එන්න පුළුවන්. වකුගඩු රෝගවලට ගොදුරු වුණ අයටත් අධික රුධිර පීඩනය එක ප්‍රධාන සාධකයක් වෙනවා. සිදුවන මරණ අතරින් 70%ක් පමණ අධික රුධිර පීඩනය නිසා ඇති වෙන රෝගී තත්ත්වයන් නිසා සිදුවන මරණ කියන එක සොයාගෙන තියෙනවා අපේ දත්තවලට අනුව. බෝ නොවන රෝග පිළිබඳව අපි වසර 5කට වරක් ලංකාවේ කරනවා සමීක්ෂණයක්. 2021 දත්තවලට අනුව 34.8%ක් අධික රුධිර පීඩනයෙන් පෙළෙනවා. මේ ජනතාවෙන් 64%ක් පමණ ඖෂධ වර්ගයක් මේ සඳහා භාවිතා කරන්නේ නෑ. තමන්ට අධික රුධිර පීඩනය තියෙනවා කියලා දැනගෙන හිටියේ, 18%ක් විතර ප්‍රමාණයක්. එය භයානක තත්ත්වයක්. ඒ අනුව අලුතින් හඳුනාගත්ත රෝගීන් ප්‍රමාණය වන්නේ 54.7%ක්. මේ අධික රුධිර පීඩනය හඳුනාගත්ත පුද්ගලයින් අතරින් පාලනය කරගෙන තියෙන්නේ 14%ක් පමණයි. මේක ඉතාමත් භයානක තත්ත්වයක්."
"රෝහල්වලට අමතරව අපිට තියෙනවා සුවදිවි සායනය කියලා. කුඩා ඒකක. නමුත් මේවාට රෝගීන්ගේ පැමිණීම ඉතා අඩුයි. අඩුම වශයෙන් වසරකට වරක්වත් රුධිර පීඩනය මැන ගැනීම වැදගත්. පිරිමි පුද්ගලයෙකු නම් දුම්පානය, මත්පැන් පානය වගේ දේවල් ඉතා නරක දේවල් බලපානවා. රෝගීන් නිතර ව්‍යායාමවලට යොමු විය යුතුයි. එය ඉතා වැදගත්"
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බාල ගල් අඟුරු ගෙනෙන්නට එපායැයි තමන් කොතරම් අනතුරු ඇඟවුවත් ආණ්ඩුව එය කනකට ගත්තේ නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
'එල් නීනෝ' තත්ත්වය මැයි මස මැද භාගයේ සිට මෙරටට කාලගුණයට බලපෑම් එල්ල කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද(27) සිට නැවත දැනුම් දෙනතුරු පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව ඇතුලු සියලුම මහජන සේවාවන් අත්හිටුවීමට තීරණය කර තිබේ.