කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් !
ශ්‍රී ලංකාව ආශ්‍රීතව පවතින අඩුපීඩන කලාපය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ.
විදුලි බිල සහ ඉන්ධන මිල ගණන් අඩුකිරීමට අවස්ථාව තිබියදීත් රජය හිතාමතාම මේ මිල ගණන් ඉහළ මට්ටමක පවත්වාගෙන යාම තුළ, අධික වියදම් දරාගැනීමට නොහැකිව කර්මාන්තශාලා වැසී යාමේ අවදානමක් පවතින බව සමගි වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත පවසනවා.
ඊයේ (12) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙසේ පැවසීය.
“10% බද්ද තියෙනකොට – ඇඟළුම්වලට 6% – 16% අතර බද්ද තියෙනකොට – ඒත් කර්මාන්තශාලා ගණනාවක් වැහුණා. විදුලි බිල අඩුකරන්න තියෙද්දී ජනාධිපතිතුමා පළමුවෙන්ම ඒ වගකීම පැහැර හැරියා. ඔක්තෝබර් අඩුකළා නම් 33% කින්, අපි ජනවාරි 20% කින් අඩුකරනවා. මේ මාසෙත් ඉන්ධන මිල නිවැරදිව අඩු කරන්න කියලා මම කරුණු පෙන්නුවේ ඒකයි. එක නැවක් ස්පොට් ටෙන්ඩරයට ක්ෂණික මිලදීගැනීමට ගෙනල්ලා ඉන්ධන මිල වැඩි කළා. විදුලියයි ඉන්ධනයි වැඩිකිරීම මත 10% බද්ද තියෙද්දීත් ඇඟළුම්වලට 6% – 16% තියෙද්දීත් අපේ කර්මාන්තශාලා වැහුණා. වියදම වැඩියි කියලා අද බහුජාතික සමාගම් ඉවත් වෙනවා. ළිංමැඩි න්‍යායට නිකම් හිටියා. ඉතා ක්ෂණිකව මාසයක් එකහමාරක් යනකොට රට තුළ නැගෙන්නේ රැකියා විරහිත අඳෝනා.
තෙල් සංස්ථාව රකිනවා කියලා ඇවිල්ලා 3750ක් එළියට දාන්න යන්නෙ. ලාල්කාන්ත ඇමතිවරයා කියනවා මොන උද්ඝෝෂණය කළත් මොන වැඩවර්ජනය කළත් විපක්ෂය මොන දැඟළිලි දැඟළුවත් අපි කරන දේ කරනවා කියලා. එහෙම නම් මේ යන්නේ වහල් යුගයකට, වැඩවසම් යුගයකට. සමස්ත විපක්ෂය සහ නායකයො පාරට බැසිය යුතුයි, සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එන්න ලෑස්තියි. විපක්ෂයට වගකීමක් තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාව නැගිට්ටවන්න”
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්‍රී ලංකාව ආශ්‍රීතව පවතින අඩුපීඩන කලාපය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ.
"අපි හිතනවා අපේ නිර්දෝශීභාවය ඔප්පු කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි පරීක්ෂණ කටයුතුවලට සහයෝගය දෙන එක ඒ නිසා එන්න කියන ඕනෑම වෙලාවක එනවා", යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය (GMOA) වැඩවර්ජනයක් දියත් කර තිබූ පසුගිය අප්‍රේල් 09 වන දින ත්‍රිකුණාමලය මහ රෝහලේ බිළිඳෙකු මියයාමේ සිද්ධියට ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ඕ.වී.ජී.එල් වීරසේනගේ සහ ජ්‍යෙස්ඨ නේවාසික වෛද්‍ය එස්.ඒ.එන්.ඩී සියඹලාපිටියගේ වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පසුගිය 08 වනදා පියවර ගෙන තිබේ.