විදුලි ගාස්තුව ඉහළට
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.
එළඹෙන ජනාධිපතිවරණය උදෙසා ඇප මුදල් තැම්පත් කළ අපේක්ෂකයින් 40 දෙනා අතුරින් මේ වනවිට (පෙරවරු 10.15) තිස් දෙනකු නාම යෝජනා බාරදී ඇති බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.
පෙරවරු 11.00 දක්වා රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ශ්රවණාගාරයේදී නාමයෝජනා භාරගැනීම සිදුකෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
එහිදි විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා පෙරවරු 9.00 සිට පෙරවරු 11.30 දක්වා අවස්ථාව ලබා දී තිබේ.
නාමයෝජනා භාරගැනීමේ කටයුතුවලින් අනතුරුව ඉදිරිපත් වූ විරෝධතා සලකා බලා ජනාධිපතිවරණයට තෝරාගනු ලැබූ අපේක්ෂකයින් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්රකාශයට පත්කිරීමට නියමිතය.
එහිදී ස්වාධීනව ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් සඳහා ඡන්ද සලකුණු නිකුත් කිරීම ද සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
මේ අතර නාම යෝජනා පත්ර භාරගැනීම වෙනුවෙන් මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්රය සහ අවට ප්රදේශවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.
රට තුළ පවතින වියළි සහ නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි සති දෙක තුන තුළ දී දිනකට පැය කිහිපයකට ජල සැපයුම සීමා කිරීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු චන්දන බණ්ඩාර පවසයි.
මාර්තු 23, 24, 26 යන තෙදින තුළ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවය සඳහා බත්තරමුල්ල සුහුරුපායේ ප්රධාන කාර්යාලය හා පළාත් කාර්යාල වෙත පැමිණ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වූ සේවාලාභීන්ට පමණක් අද (30) දින එක්දින සේවය මඟින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.