විදුලි ගාස්තුව ඉහළට
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීම අද (21) උදෑසන 7ට ආරම්භ විය.
ඡන්ද විමසීම පස්වරු 4ට අවසාන වීමට නියමිතයි.
මැතිවරණ දිස්ත්‍රික්ක 22 ක, ඡන්ද කොට්ඨාස 160 ක් පුරා ඡන්ද මධ්‍යස්ථාන, 13 421ක් ඒ වෙනුවෙන් ස්ථාපිත කර ඇති අතර ඡන්ද දායකයින් එක් කෝටි 71 ලක්ෂ 40 354 ක්, ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා තිබේ.
මෙවර ජනාධිපතිවරණය, ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයින් පිරිසක් තරග වදින ජනාධිපතිවරණය ය. එම සංඛ්‍යාව, 38 කි.
මෙරට ලියාපදිංචි ඡන්ද දායකයින් වැඩිම පිරිසක් සිටින්නේ, ගම්පහ දිස්ත්‍රික්කය තුළය. එම සංඛ්‍යාව, 18 ලක්ෂ 81 129 කි. මෙරට අඩුම ඡන්ද දායකයින් පිරිසක් සිටින්නේ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ය. එම දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව, තුන් ලක්ෂ 15 925 කි.
ඊයේ (20) රාත්‍රිය වන විට සියලු ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කර අවසන් කළ බව, මැතිවරණ කොමිසම සඳහන් කරන ලදි.ජනාධිපතිවරණ රාජකාරී සඳහා රාජ්‍ය නිලධාරීන් එක් ලක්ෂ 50000 කට අධික පිරිසක් යොදවා තිබේ.
සාමකාමී, නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් වෙනුවෙන් සියලු කටයුතු සූදානම් කර ඇති බව ජාතික මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්ද දායකයින්?
මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්ද දායකයින්ට අදත්, ආසන්නතම තැපැල් කාර්යාලයට ගොස් ඒවා ලබාගැනීමට අවස්ථාව පවතී.
කෙසේ වෙතත්, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොමැතිව වුවද, පිළිගත් හැඳුනුම්පතක් ඉදිරිපත් කර ඡන්දය ප්‍රකාශ කළ හැකි ය.
ඡන්දය සලකුණු කිරීම සඳහා පිළිගත් අනන්‍යතා පත්‍ර මොනවා ද?
ඡන්ද මධ්‍යස්ථාන වෙත ඇතුලු වීමට අවසර හිමි වන්නේ, නම් කළ සීමිත පිරිසකට පමණයි.
මෙවර ඡන්ද මධ්‍යස්ථාන, ගණන් කිරීමේ මධ්‍යස්ථාන සහ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමේ ස්ථාන තුළට ජංගම දුරකතන රැගෙන ඒම සහ භාවිතය තහනම් වේ.
ඡන්දය ප්‍රකාශ කිරීම හෝ අපේක්ෂකයින්ට මනාප සලකුණු කිරීම සිදු කළ යුතු ආකාරය
කිසියම් අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කළ හැක්කේ, අපේක්ෂකයාගේ නම හා සලකුණට ඉදිරියෙන් ඇති කොටුවේ 1 ඉලක්කම සටහන් කිරීමෙනි. ඒ වගේම කිසියම් අපේක්ෂකයෙකුට මනාප සලකුණු කිරීමට අපේක්ෂා කරන්නේ නම්, දෙවන මනාපය 2 ඉලක්කම සටහන් කිරීමෙන් ද, තුන්වන මනාපය 3 ඉලක්කම සටහන් කිරීමෙන් ද ලබාදීමට හැකියි.
1 ඉලක්කම වෙනුවට යම්කිසි අයෙක් X සලකුණ යොදන්න අදහස් කරන්නේ නම්, ඒ ඡන්දයත් මේ ඡන්ද විමසීමේ දී වලංගු ඡන්දයක් ලෙස පිළිගැනේ. ඡන්දය X සලකුණෙන් ලබාදුන් පසුව මනාප ලකුණු කිරීමට හැකියාවක් නැත.
ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව, ඒකරාශී වීම්වලින් තොරව නිවෙස් වලට වී සිටින්නැයි, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක, ඡන්දදායකයින්ට දැනුම් දෙයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.
රට තුළ පවතින වියළි සහ නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි සති දෙක තුන තුළ දී දිනකට පැය කිහිපයකට ජල සැපයුම සීමා කිරීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු චන්දන බණ්ඩාර පවසයි.
මාර්තු 23, 24, 26 යන තෙදින තුළ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවය සඳහා බත්තරමුල්ල සුහුරුපායේ ප්‍රධාන කාර්යාලය හා පළාත් කාර්යාල වෙත පැමිණ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වූ සේවාලාභීන්ට පමණක් අද (30) දින එක්දින සේවය මඟින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.