තද වැසි සහ සුළං තවදුරටත්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මෙරටින් සෑම වසරකම පිළිකා රෝගීන් 35,000ත් 40,000ත් අතර සංඛ්‍යාවක් අලුතින් හඳුනාගැනෙන බවත් මෙරට වාර්ෂික සාමාන්‍ය පිළිකා මරණ ගණන 19,000 ඉක්මවා ගොස් ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව ගත්විට මෙරට කාන්තාවන් පියයුරු පිළිකාවට සහ පිරිමි පුද්ගලයන් මුඛ පිළිකාවට වැඩි වශයෙන් ගොදුරුවීමේ ප්‍රවණතාවක් පිළිකා රෝගී දත්තවලින් පෙන්නුම් කෙරෙන බව හෙළිවී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තාවලට අනුව ලියුකේමියාව, වසා ගැටිති ආශ්‍රිත පිළිකා, මොළය ආශ්‍රිත පිළිකා සහ අස්ථි ආශ්‍රිත පිළිකාවලට ළමයින් වැඩි වශයෙන් ගොදුරු වී ඇති බව දක්නට ලැබේ.
කාන්තාවන් අතර වඩාත් වේගයෙන් ඉහළ යමින් පවතින්නේ පියයුරු පිළිකා අවදානම බවත් 2023 වසරේ වාර්තා වූ කාන්තා පිළිකා රෝගීන් අතරින් 26% ක්ම අයත් වූයේ පියයුරු පිළිකා කාණ්ඩයට බවත් වාර්තා වේ.
පිරිමින් අතර බහුලව වාර්තා වෙමින් තිබෙන්නේ මුඛ පිළිකාවය. 2023 වසරේ වාර්තා වූ පිරිමි පිළිකා රෝගීන් අතරින් 12.6% ක්ම මුඛ පිළිකාවට ගොදුරු වී තිබුණි.
වසරක් තුළදී ආසන්න වශයෙන් ළමා පිළිකා රෝගීන් 1,000ක් මෙරටින් වාර්තා වන අතර ජාතික පිළිකා ලේඛනයේ නවතම දත්ත අනුව 2021 වසරේදී ලියුකේමියාව, වසා ගැටිති ආශ්‍රිත පිළිකා, මොලය ආශ්‍රිත පිළිකා සහ අස්ති ආශ්‍රිත පිළිකා ආදී ළමා පිළිකා රෝගීන් 1,032ක් හඳුනාගෙන ඇත.
පිළිකාවෙන් වැලකි සිටීමට සමබල ආහාර වේලක් ලබාගැනීම වැදගත් බව පිළිකා විශේෂඥ වෛද්‍ය සංජිව ගුණසේකර පවසයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලට ජලය සපයන ඩෙවෝන් ඇළ පිටාර ගොස් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යටවී තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.