මහනුවර ප්‍රදේශ කිහිපයකට අද පැය 22ක ජල කප්පාදුවක්
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
මෙරටට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පිළිගැනීමේ නිල උත්සවය මේ වනවිට කොළඹ නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයේදී පැවැත්වෙයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ආරාධනයකට අනුව සිය දෙදින ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරය අරඹමින් ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ රාත්‍රී 8:30ට පමණ ඉන්දියානු ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණියේය.
ඉන්දිය අග්‍රාමාත්‍යවරයා සමග එරට විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් ඇතුළු දූත පිරිසක්ද දිවයිනට පැමිණ තිබේ.
දෙරට අතර “සියවස් මිතුදමක සෞභාග්‍යමත් අනාගතයකට බැඳීමක්” යන සංකල්පය තහවුරු කරමින් ඉන්දිය අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වෙයි.
මෙම උත්සවයෙන් පසු ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡාවල නිරතවීමට නියමිතය.
ඉන් පසු දෙරට අතර ආරක්ෂක, බලශක්ති, ඩිජිටල්කරණ සහ සෞඛ්‍ය යන ක්ෂේත්රවලට අදාළව අවබෝධතා ගිවිසුම් කිහිපයකටත් අත්සන් තැබීමට නියමිතව බව වාර්තා වෙයි.
එහිදී මෙරට ඉන්දිය ණය ප්‍රතිව්‍යුගතකරණයට අදාළ ගිවිසුම් හුවමාරු කර ගැනීමට නියමිතය.
ඉන්දියාවේ සහයෝගයෙන් ඉදි කෙරෙන සාම්පූර් සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘතියේ පළමු අදියර ආරම්භ කිරීම ද අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතින් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කෙරෙනු ඇති.
එමෙන්ම මෙරට ආගමික ස්ථාන 5000ක වහල මත සවිකෙරුණු සූර්ය පැනල ව්‍යාපෘතිය විවෘත කිරීමත් එහිදී සිදුවෙයි.
උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය පාලනය කළ හැකි ලෙස දඹුල්ලේ ඉදිකෙරුණු ශීතාගාර සහිත කෘෂි ගබඩා සංකීර්ණයත් මෝදි අතින් විවෘත කිරීමට නියමිතය.
දෙදින ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරය නිමාකරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව ඇත්තේ අප්‍රේල් 06 වැනිදා පස්වරුවේය.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.
ඉතිහාසයේ පළමුවරට ලංගමයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම අද (6) සිදුවිය.