තැපැල් ඡන්දය පැවැත්වෙන දින වෙනස් වෙයි
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක එළැඹෙන 10 සිට 13 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරතවන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය පවසයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන්ගේ ආරාධනයක් මත ජනාධිපතිවරයා මෙම සංචාරය සිදුකරන අතර එහිදී ජනාධිපතිවරයා '2025 ලෝක රාජ්‍ය සමුළුව' ඇමතීමටද නියමිතව ඇති බවයි නිවේදනයක් නිකුත්කරමින් එම අමාත්‍යංශය සඳහන් කරන්නේ.
එමෙන්ම ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සිය නිවේදනයෙන් දන්වා සිටියි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.