වැඩිහිටි දීමනාව ගිණුම්වලට වැටෙන දිනය මෙන්න
සැප්තැම්බර් මාසයට අදාළ වැඩිහිටි දීමනාව ඔක්තෝබර් 1 වැනිදා ප්‍රතිලාභීන්ගේ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු යොදා ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි.
ඖෂධ මිළ අඩු කිරීම සඳහා නව මිල පාලන යාන්ත්‍රණයක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි සඳහන් කළේ, නව ක්‍රමවේදය යටතේ මෙරටට ආනයනය කරන ඖෂධයක් විකිණිය හැකි උපරිම මිල පරාසයන් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි.
ඒ අනුව රුපියලකට ආනයනය කරන ඖෂධයක් විකිණිය හැකි උපරිම මිල රුපියල් 01යි ශත 65කි.
නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඖෂධ මිල නියාමන බලතල ජාතික ඖෂධ නියාමන අධිකාරීයට පැවරෙන පරිදි ඒ සඳහා රෙගුලාසි පනවන බවයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දිවයිනට රැගෙන එන සෑම ඖෂධ තොගයක් සම්බන්ධයෙන්ම මිල නියාමනය සිදු කෙරෙන බවයි. නව රෙගුලාසි පැනවීමත් සමග වරායේදීම ඖෂධවල මිල ගණන් තීරණය කළ යුතු වේ.
එය නිසි පරිදි ක්‍රියාත්මක වනවාදැයි සොයා බැලීම ජාතික ඖෂධ නියාමන අධිකාරීයේ මිල පාලන කමිටුව විසින් සිදු කිරීමට බලතල පවරන බව ද වෛද්‍ය හංසක විජයමුණි සඳහන් කළේ ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සැප්තැම්බර් මාසයට අදාළ වැඩිහිටි දීමනාව ඔක්තෝබර් 1 වැනිදා ප්‍රතිලාභීන්ගේ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු යොදා ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි.
රථවාහන නීති උල්ලංඝනය කරන රියදුරන්ගේ ලකුණු අඩු කිරීමේ ‘Demerit System’ ක්‍රමවේදයේ සය මසක නියමු ව්‍යාපෘතිය ලබන ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම මෙන්ම වඩාත් සුවපහසු සහ ආරක්ෂිත පොදු ප්‍රවාහන සේවාවක් සැපයීමේ අරමුණින්, බස්නාහිර පළාතේ මාර්ග 7ක් ඔස්සේ අලුතින් හඳුන්වා දුන් මෙට්‍රෝ බස් රථ 104ක් හෙට (29) සිට ධාවනයට එක් කිරීමට නියමිතව තිබේ.