අදත් මිලිමීටර් 75කට වැඩි තද වැසි
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙරට කාන්තා දේශපාලකයින් සහ දේශපාලන ක්‍රියාකාරිනියන් සමාජ මාධ්‍ය ඔස්සේ අපහසුතාවට ලක් කරන පුද්ගලයින් පිළිබඳ විමර්ශන පුළුල් කරන බව මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.
ඒ, එක්සත් ජාතීන්ගේ කාන්තාවන්ට එරෙහි විෂමතා දුරැලීමේ ජාතික කමිටුව මගින් මෙරට තත්ත්වය පිළිබඳ සමාලෝචනය කර ඇති පසුබිමකදී ය.
ශ්‍රී ලංකාව "කාන්තාවන්ට එරෙහි සියලු වර්ගයේ විෂමතා නාශනය" පිළිබඳ සම්මතයට අත්සන් තබා ඇති බව මානව හිමිකම් කොමිෂන් සභාව පෙන්වා දෙයි.
එමගින් මෙරට රජය රටේ කාන්තාවන් මුහුණ දෙන සියලු වර්ගයේ ප්රචණ්ඩ ක්‍රියාවන් සහ අන්තර්ජාලය මගින් සිදු කරන අනුචිත ක්‍රියාවන් වැළැක්වීමට වගකිය යුතු වෙයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිශන් සභාව රජයෙන් ඉල්ලා සිටින්නේ පසුගිය වසරේ සම්මත වුණු කාන්තා බලගැන්වීමේ පනත ප්‍රකාරව අන්තර්ජාලය මගින් කාන්තාවන්ට සිදු කරන අපහාසයන් හා අසාධාරණ ක්‍රියාවන් මැඩපැවැත්වීමට මැදිහත් වන ලෙසයි.
newsfirst.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකාව සහ බෙලරුස් රාජ්‍ය අතර සෞඛ්‍ය සේවා පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසා තිබේ.