ආනයනික වාහන සඳහා රජය මාස තුනකට 50% අධිභාරයක් පනවයි
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මියන්මාර ජාතිකයින් 100කට අධික පිරිසක් රැගත් බහුදින යාත්‍රාවක් මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළ තීරයට පැමිණ ඇති බව මුලතිව්, නාවික නිලධාරීන් හා පොලීසිය පවසයි.
ඔවුන් සරණාගතයින් ලෙස මියන්මාරයේ සිට නීතිවිරෝධීව වෙනත් රටකට බහුදින යාත්‍රාවකින් රැගෙන යමින් සිටියදී එලෙස මුල්ලිවයික්කාල් වෙරළ තීරයට පැමිණ ඇති බව සඳහන් ය.
අදාළ ධීවර යාත්‍රාවේ ගමන්ගත් පිරිසට ආහාර හා ජලය හිඟවීම මත එය මුල්ලිවයික්කාල් වෙරළ තීරයට පැමිණ ඇති බව වාර්තා වෙයි.
යාත්‍රාවේ සිටින පිරිසට අවශ්‍ය ආහාර හා ජලය ලබාදීම නාවික හමුදාව විසින් සිදුකරන බවත්, ඔවුන්ට කුමක් සිදුකරන්නේද යන්න සම්බන්ධයෙන් ඉදිරියේදී සලකා බලන බවත් ආරක්ෂක බලධාරීන් පැවසීය.
එම යාත්‍රාවේ කුඩා දරුවන් 25කට ආසන්න පිරිසක් සිටින බවට දැනට අනාවරණය වී ඇතැයි ද පොලීසිය සඳහන් කළේය.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.