බද්දේගම, හල්පතොට වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුට
Update : 11 30 බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ අද (27) උදෑසන සිදුවූ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක් මියගොස් ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක සපුමල් රංවල කතානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් ඔහු එබව දැනුම්දී සිටියි.
එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.
පසුගිය දින කිහිපය තුළ මාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ගැටලුවක් සමාජය තුළ මතු කරනු ලැබ තිබේ. මාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ කිසිදු සාවද්‍ය ප්‍රකාශයක් ම විසින් ප්‍රකාශ කර නැත.
එහෙත් එම අධ්‍යාපන සුදුසුකම් තහවුරු කිරීම සඳහා අවශ්‍ය සමහර ලියකියවිලි මේ මොහොතේ මා සතුව නොමැති බැවින් ද, ඒවා අදාල ආයතන වලින් ලබා ගැනීමට සිදුව ඇති බැවින් ද එම ලිය කියවිලි මේ මොහොතේ කඩිනමින් ඉදිරිපත් කිරීම දුෂ්කර වී තිබේ.
මා හට ආචාර්ය උපාධිය ලබාදුන් ජපානයේ වසීදා විශ්ව විද්‍යාලයට අනුබද්ධ පර්යේෂණ ආයතනයෙන් ඊට අදාල අධ්‍යාපන ලියකියවිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අතර ඒවා හැකි ඉක්මනින් ඉදිරිපත් කිරීමට අදහස් කරමි.
කෙසේ වෙතත් මතුව ඇති තත්වය සැලකිල්ලට ගෙන ආණ්ඩුවත් අප කෙරෙහි විශ්වාසය තැබූ ජනතාවත් අපහසුතාවයට පත්වීම වැළැක්වීම සඳහා මා දැනට දරන කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව මෙයින් දැනුම් දෙමි.
අශෝක සපුමල් රංවල
පාර්ලිමේන්තු මන්ත්‍රී
13.12.2024
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
Update : 11 30 බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ අද (27) උදෑසන සිදුවූ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක් මියගොස් ඇත.
පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ පිපිරීම පිළිබඳ විමර්ශනය සඳහා පොලිස් කණ්ඩායම් 2ක් යොදවා තිබේ.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ දෙවනවර කියවීම විශේෂ බහුතර ඡන්දයෙන් අද (25) පාර්ලිමේන්තුවේදී සම්මත විය.